Home » Thank You රනිල්

Thank You රනිල්

by Nirodha Gamage

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹී යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සම්පූර්ණ සහාය ලබාදෙන බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

එම ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් ඒ සඳහා සියලු දෙනාගේම සහාය ලබාදිය යුතු බවත් ඔහු කීවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹී යෝජනා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැඟී සිටි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ණය මුදල ගැනීමට නොහැකි බවට විපක්ෂය ඇතුළු බොහෝ අය ප්‍රකාශ කළ බවත් එහෙත් ලැබූ ජයග්‍රහණය ගැන විපක්ෂය හැටියට අපි සියලු දෙනා ද සතුටු විය යුතු බවත් ඔහු කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions