Home » Naomi Campbell අතට ගිය ලංකාවේ සමහන් (Video)

Naomi Campbell අතට ගිය ලංකාවේ සමහන් (Video)

by Nirodha Gamage

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සුපිරි නිරූපිකාවක් වන Naomi Campbell ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ‘සමහන්’ තම අත් බෑගයේ තබාගන්නා ඉතා හොඳ ප්‍රතිශක්තිකරණ ඖශධයක් සහ අත්‍යවශ්‍ය දෙයක් ලෙස පෙන්වා දෙනවා.

“මෙය සමහන් වන අතර එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හොඳයි,” ඇය Vogue March India සමග සිදු කළ නවතම සම්මුඛ සාකච්ඡාවේ දී මේ පිළිබඳ අනාවරණය කළා.

ලොව පුරා ඇයගේ නිරන්තර සංචාරය සැලකිල්ලට ගත් විට, ඇය නිතර ලබා ගන්නා ප්‍රතිශක්තිකරණ ඖශධයක් ළඟ තබා ගැනීම පුදුමයක් නොවේ.

සමහන් යනු ප්‍රමුඛතම ශාකසාර නිෂ්පාදන නිෂ්පාදකයෙකු වන Link Natural Products Ltd හි නිර්මාණයකි. ලින්ක් සමහන් යනු 100% ස්වභාවික ශාකසාර පානයක් වන අතර එය සෙම්ප්‍රතිශ්‍යාව හා සම්බන්ධ රෝග ලක්ෂණ සඳහා ඵලදායී පිළියමක් ලෙස පරම්පරා ගණනාවක් පුරා සම්ප්‍රදායිකව භාවිතා කරන විශ්වාසදායක ආයුර්වේද ඖෂධ පැළෑටි 14 කින් සකස් කර ඇත. Link Samahan ප්‍රථම වරට 1995 දී දියත් කරන ලද අතර යුරෝපය, එක්සත් ජනපදය, ඉන්දියාව සහ මැද පෙරදිග එහි ප්‍රධාන ගමනාන්ත වන අතර ගෝලීය වශයෙන් රටවල් 30 ක් හරහා අපනයනය කෙරේ.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions