Home » IMF ලංකාවට : චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙයි

IMF ලංකාවට : චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙයි

by Nirodha Gamage

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කිරීමට චීනය එකඟතාවය දක්වා ඇති අතර එකඟතාවය පිළිබඳව ජාත්‍යන්තර අරමුදලට සහ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය වලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ලබාගෙන ඇති අතර ජපානය සහ ඉන්දියාව යන රටවලින් ද ණය ලබාගෙන තිබුණි.

මෙම එකඟතාවය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළඅනුමත කරනු ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions