ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක මුදල තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රාවෝ පවසනවා.
ඉදිරි වාරික ලබාදීම සෑම මාස හයකට වරක් සිදු කරන සමාලෝචන මත රඳා පවතින බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රි ලංකාව තුළ තවමත් ණය තිරසර භාවයක් නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඇමෙරිකා ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ඊයේ අනුමත කළේය.