Home » Almas සමූහය සතු Sierra Cables PLC හි කොටස් හිමිකාරීත්වය 25% ඉක්මවයි

Almas සමූහය සතු Sierra Cables PLC හි කොටස් හිමිකාරීත්වය 25% ඉක්මවයි

by Nipuna Fernando

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ඉම්තියාස් බුහර්දීන් මහතාට අයත් Almas සමූහය සතුව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Sierra Cables PLC හි ඇති සමස්ත කොටස් හිමිකාරීත්වය කොටස් 134,568,816ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම සමූහය පවසයි.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වන විට මෙම කොටස් හිමිකාරීත්වය තමන් සතුවන බව අද (ඔක්තෝබර් 03දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමූහය සඳහන් කර සිටියි.

ඒ අනුව මෙය Sierra Cables PLC මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන කොටස් 537,512,430 අතරින් 25.03%ක ප්‍රතිශතයකි.

අල්මාස් සමූහයට අයත් අල්මාස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ අල්මාස් කැපිටල් (පෞද්) සමාගම මගින් මෙම කොටස් අත්පත්කර ගැනීම සිදු කර තිබේ.

මෙහිදී මිලදී ගෙන ඇති Sierra Cables PLC හි කොටසක වටිනාකම රුපියල් 14.10ක් පමණ වන බවත් Almas සමූහය සඳහන් කරයි.

2020 ජූලි මාසයේ 15 වැනිදා වනවිට මෙම කොටස් හිමිකාරීත්වය 10%ක් ලෙස සටහන්ව තිබුණි.

2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවට අනුව Almas Organization (Pvt) Ltd හා හැටන් නැෂනල් බැංකුව එක්ව පවත්වාගෙන ගිය ගිණුමක් සතුව Sierra Cables PLC  කොටස් 8.43%ක ප්‍රතිශතයක්ද, Almas Organization (Pvt) Ltd හා අමානා බැංකුව එක්ව පවත්වාගෙන යන ගිණුමක් සතුව 2.51%ක ප්‍රතිශතයක්ද, Almas Organization (Pvt) Ltd තනිව පවත්වාගෙන ගිය ගිණුමක් සතුව Sierra Cables PLCකොටස් 1.80%ක ප්‍රතිශතයක්ද ලෙස පැවතුණි.   

එසේම Almas සමූහය හිමි ඉම්තියාස් බුහර්දීන් මහතාට අයත් Carlines Holdings (පෞද්) සමාගම සහ හැටන් නැෂනල් බැංකුව ඒක්ව පවත්වාගෙන ගිය ගිණුමක් තුළද Sierra Cables PLC හි කොටස් 9.39%ක හිමිකාරීත්වයක් පැවතුණි.

ඒ අනුව 2022 මාර්තු 31 වැනිදා වන විට ඉහත සඳහන් කළ සමස්ත කොටස් හිමිකාරීත්වය 22.13%ක ප්‍රතිශතයක් ගෙන තිබුණි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions