Home » 94 ඉදන් කරපු වැරද්ද මාලිමාවට ආවම තේරුණා – එරික් ප්‍රසන්න වීරවර්ධන

94 ඉදන් කරපු වැරද්ද මාලිමාවට ආවම තේරුණා – එරික් ප්‍රසන්න වීරවර්ධන

by Plus One

ජාතික ජනබලවේගයේ මහනුවර ආසන සමුළුව පසුගියදා පැවැත්විණ. ඒ සඳහා පක්ෂයේ නායක අණුරු කුමාර දිසානායක මහතා වගේම තවත් ජ්‍යෙෂ්ඨයන් සම්බන්ධ වී සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යය එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා සඳහන් කළේ තම පුද්ගලික අත්දැකීම් අනුව 1994ත්, 2005ත්, 2015 මෙන්ම 2019ත් ජයග්‍රහණයන් කළ ආණ්ඩු සමඟ තමන් දේශපාලනය කළ බවත් ඒ පක්ෂවල දේශපාලනය නායකයාගෙ වටේ සිටින හිතවතුන් කුඩා කණ්ඩායමකට වරප්‍රසාද හිමිකර දෙන දේශපාලනයක් වුවත් මෙවර තමන් ජාතික ජනබලවේගය තෝරා ගත්තේ කුඩා කණ්ඩායමකට වරප්‍රසාද හිමිකර දෙනවා වෙනුවට රට ගොඩනැගීමට ඇති කැමැත්ත නිසා බවයි.

එරික් ප්‍රසන්න වීරවර්ධන යනු පිය උරුමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන උරුමක්කාරයෙක් වන අතර ඔහුගේ පියා මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකි.

එරික් වැඩි දුරටත් කියා සිටියේ තමන් මෙතෙක් කල් කල දේශපාලනය වැරදි කියා තේරුනේ මාලිමාවට සම්බන්ධ වූවාට පසුව බවයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions