Home » 22 කරූ දකින හැටි

22 කරූ දකින හැටි

by Nipuna Fernando

අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් ශ්‍රී ලකා පාර්ලිමේන්තුව 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජසයූරිය මහතා පවසයි. ඒ සදහා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම ඒ උදෙසා අඛණ්ඩව නොසැලී පෙනී සිටි සිවිල් හා දේශපාලන බලවේගයන් වෙත ස්තුතිය ප්‍රකාශ කරන බවත් හිටපු ජනාධිපතිවරයාගේ අභිලාශයයන් ඉටුකරනු පිණිස 20 වැනි සංශෝධනය ගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේදී මෙන්ම එය සම්මත කරගැනීමෙන් පසුව ද ඊට එරෙහිව බලවත් ලෙස පෙනී සිටි සංවිධානයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් ජනතාවගේ ගරුත්වය හා අපේක්ෂා තහවුරු කරනු පිණිස 22 වැනි සංශෝධනය ප්‍රමාණවත් හා අවසන් තීරණාත්මක පියවර ලෙස විශ්වාස නොකරන බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. පාර්ලිමේන්තුව ගත් මෙම තීන්දුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක් තහවුරු කර ගතයුතුව තිබූ ඉතා වැදගත් අන්තර්කාලීන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවක් ලෙස මෙය දකින බවද එම නිවේදනයේ දැක්වෙයි. ඒකාධිපති පාලනයකට රට යොමු කරන විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත්, මහා පරිමාණ දූෂණ රටින් බැහැර කිරීමටත්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියේදීත් පෙරමුණ ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions