Home » 2023 සංචාරකයන්ගේ පැමිණීම 100%කින් වැඩි වෙලා.

2023 සංචාරකයන්ගේ පැමිණීම 100%කින් වැඩි වෙලා.

by Plus One

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2019 සිට මුහුණ දුන්නේ අමිහිරි අත්දැකීම්‍ වලටය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කෝවිඩ් 19 වසංගත තත්ත්වය මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ යන්තම්වත් ඔලුව උස්සා ගැනීමට මෙරට සංචාරක කර්මාන්තයට නොහැකි විය.

ඉතිහාසයේ සිටම සංචාරකයන්ගේ ආකර්ශනීය නවාතැනක් වූ මෙරට සංචාරක කර්මාන්තයෙන් පමණක් දහස් ගණනක පවුල් ප්‍රමාණයක් ජීවත් වෙයි. 2019 සිට මුහුණ දීමට වූ අර්බුද හෙතුවෙන් එම පිරිසට දහසකුත් පීඩාවන් විදීමට සිදුවිය.

කෙසේ නමුත් රට තුල සිදු කෙරෙමින් පවතින මූල්‍ය ස්ථායීකරණ වැඩසටහන හේතුවෙන් ගෝලීය ප්‍රාජාව කෙරේ යලි විස්වාසය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිනි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2023 වසරේ සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තම අමාත්‍යංශයේ අරමුණ බව වසර ආරම්භයේදී කියා සිටි අතර එවකට රට තිබූ ආර්ථික තත්ත්වය තුල කාටත් සිතුනේ එය කල නොහැක්කක් ලෙසයි.

එනමුත් 2023 වසරේ කෙමෙන් කෙමෙන් මෙරට සංචාරක නිවාඩු නිකේතන පිරී යාමට පටන් ගත්තේය. මහ මග, වෙළෙද සැල් තුල, පූජා නගර වල සංචාරකයන් අපට හමු වීමට පටන් ගත්තේය.

එහි අවසානම උත්සහය ලෙස 2023 දෙසැම්බර් මාසයේ, මෑත ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම වාර්තා විය. ඒ මාලදිවයිනටද වඩා සංචාරකයන් 15,000කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වා ගනිමිනි.

වසර ආරම්භයේදී අමාත්‍යවරයාගෙ ඉලක්කය ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක් ගෙන්වා ගැනීම වුවත්, සංඛ්‍යා දත්ත අනුව 2023 වසරේ මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය 1,487,303කි. පසුගිය වසරට සාපේක්ෂව එය 107%ක වැඩි වීමකි.

එනම් සංචාරක කර්මාන්තයට මෑත ඉතිහාසයේ ගෙවුණු හොදම වසරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions