Home » 125 වන බණ්ඩාරනායක සැමරුම අද

125 වන බණ්ඩාරනායක සැමරුම අද

by Plus One

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ 125 වන ජන්ම දින සැමරුම අද කොළඹ ගාලුමුවදොර දී පැවැත්වුණා. ඒ ඒ මහතා සිහි කිරිමට ඉදිකර ඇති බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපාහාර කරමින් ය.

සෑම වසරකම ජනවාරි 8වන දින මෙම ජන්ම දින සැමරුම සිදුකරන අතර මෙවර උතසවයද අද උදෑසන 8.30ට ආරම්භ කලා.

ජන්ම දින සැමරුම සදහා අද දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුලු පවුලේ කිහිපදෙනෙකුම සම්බන්ධ වූවා.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, හිටපු කථානායක කරු ජයසූරිය මහතා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා හා හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුලු තවත් මහජන නියෝජිතයින් පිරිසක් සම්බන්ධ විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions