Home » ෆන් දේශපාලනයට තිත තියමු – රටේ රාළ

ෆන් දේශපාලනයට තිත තියමු – රටේ රාළ

by Plus One

පහුගිය දවස්වල සෞඛ්‍ය සේවයේ බරපතල ගැටළුවක් නිර්මාණය වෙලා තිබුණා.ඒකට හේතුව වෛද්‍යවරුන්ට දුන්න රුපියල් 70000 ක දීමනාව.ඒ එක්කම පරිපූරක වෛද්‍ය සේවයේ කාර්ය මණ්ඩලවල අයත් ඊට සමාන දිමනාවක් ඉල්ලමින් වෘත්තිය සමිති ක්‍රියා මාර්ගවලට ආවා.ඒකත් එක්ක රොහල් පද්ධතිය සැලකිය යුතු මට්ටමකින් අකර්මන්‍ය වුනා.අවසානයේ මේ සියල්ලෙන්ම පීඩාවට පත්වෙන ලෙඩ්ඩුන්ගේ අදෝනාවත් අපට අහන්න ලැබුණා.

රටේ රාළ අද කතා කරන්න හදන්නේ සෞඛ්‍ය ප්‍රශ්නය ගැන නෙවෙයි.සෞඛ්‍ය ප්‍රශ්නය උදාහරණය විදිහට අරන් රටේ නිර්මාණය වෙලා තියන ඔයාලට නොපෙනෙන පැත්තක් ගැන.දැන් රටේ ආර්ථික හසුරවන්නේ IMF එක කියන එක කාටවත් රහසක් නෙවෙයි.අපේ ආර්ථිකයේ key points ටික IMF එකෙන් මොනිටර් කරනවා.මුදල් අමාත්‍යාංශය,මහ බැංකුව,රේගුව,දේශීය ආදයම් දෙපාර්තමේන්තුව වගේ ආර්ථිකයේ key points IMF එකේ monitoring system එකට යටයි.

ඒක ඇතුලේ එයාලා රට ආර්ථිකය ස්ථාවරත්වයකට ගේන්න අවශ්‍ය මැදිහත්වීම කරනවා.ඇත්තටම මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව අවසන් වෙනකොට මීට වඩා ස්ථාවර තැනකට රටේ ආර්ථිකය ගමන් කරන්න ඕනි.IMF එක ආර්ථිකය එහෙම හැසිරෙව්වට මේ රටේ දේශපාලනය හසුරවන්න මැදිහත් වෙන්නේ නෑ. අපේ රටේ දේශපාලනය කියන්නේ තවමත් අයාලේ යන පිස්සුවක්.

අර චම්පික කිව්වා වගේ දැන් මෙයාලා මේ කරන්නේ ෆන් ගන්න එකයි.ආර්ථික වැඩේ බේරලා දෙන්න IMF එකට බාරදීලා මෙයාලා ෆන් ගන්නවා. එක කට්ටියක් වාරාය අධිකාරියෙන් නැවි අරන් මුහුද මැද කලකණ්ණි ආතල් ගන්නවා.ආර්ථිකය settle වෙලා කියලා හිතාගෙන එක එක්කෙනා තමන්ට ආවේනික සෙල්ලම් දාන්න පටන් අරන්. සමහරු හොරා කෑමට බැහැලා,බේබිලා ආයෙත් club සංස්කෘතියට බැහැලා.marketing පැත්ත ගැන හිතන අය බඩු මලු අරන්,වතුර ෆිල්ටර් අරන් ගමට බැහැලා.

එස්එම්ලා,චාමරලා,නිමල් සිරිපාලලා ගන්නේ ඒ වගේ ආතල්.තව සෙට් එකක් යන්තම් මේක ගොඩගිහින් තියන එක දැකලා,අපි තමයි ගොඩදැම්මේ වගේ ප්‍රබුද්ධ ෆන් ගන්නවා.ආචාර්ය බන්දුල ගුණවර්ධනට ඒ අසනීපය තදට තියනවා. ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ හැම දෙනාම සමස්ථය නොසළකා තම තමන්ගේ agendaවල දුවන එකයි.ඕක තමයි මේ ආණ්ඩුවේ වැළදිලා තියන ලොකුම අසනීපය.

ඊට අමතරව පොහොට්ටුවේ අයට තව වෙනමම අසනීප තියනවා.ඇමතිලටත් එක එක වර්ගයේ ලෙඩ හැදෙනවා.මේවා ඔක්කොම ගත්තොත් මේ වෙලා තියෙන්නේ සමස්ථ අර්බුදය විශ්ලේෂණය කරගන්නේ නැතිව ආයෙත් තම තමන්ට ගැලපෙන උත්තර හදන්න හදන එකයි.උදාහරණයක් විදිහට සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නය අරන් බලන්න.සමස්ථ සෞඛ්‍ය සේවය දිහා බලලා උත්තර හදන්නේ නැතිව අමු පාර්ශ්වීය අමන මරි මෝඩ ගොන් උත්තර හදනවා.

දොස්තරලාට හැත්තෑදාහක දීමනාවක් දුන්න ගමන් සෞඛ්‍ය සේවය ගිනි ගන්න බව නොදන්න මෝඩයා මොකාද?සෞඛ්‍ය සේවය කියන්නේ දොස්තරලා විතරක් නෙවෙයිනේ.දොස්තර කෙනෙක් සෞඛ්‍ය ඇමති වීමේ ප්‍රතිඵල මේවාද කියලා අහන අයත් ඉන්නවා.මේ වැඩෙන් සෞඛ්‍ය සේවය ගිනි ගන්නවා කියලා නොදැන කරපු වැඩක් වෙන්න බෑ.මේවා රාජ්‍යය අස්ථාවර කරන්න ගහන ගේම් නෙවෙයිද?

ඊළඟට මේ වගේ අමන මරි මෝඩ උත්තර එන්නේ කැබිනට් මණ්ඩලය හරහා.කැබිනට් තීරණ විදිහට. එතකොට මේ කැබිනට් එකේ සෞඛ්‍ය ඇමති විතරද ඉන්නේ.රනිල්ට ඒ වෙලාවේ නිද්ද ගිහිල්ලද?අනිත් ඇමතිලා අතර මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා සංවාදයක් හැදුනේ නැද්ද?එතකොට මේ කැබිනට් සන්දේශයෙන් රටට සුගතියක් මේ වෙලාද තියෙන්නේ.කෙහෙලිය ගෙනාපු බලා එන්නත් සම්බන්ධ කතාවේ කැබිනට් එකටත් අයිති කොටසක් තියනවා.

මේ හැම ක්ෂේත්‍රයකම හැදෙන පැටලිලි සම්බන්ධව කැබිනට් මණ්ඩලයටත් වගකීමක් තියනවා. ආණ්ඩුව මේ කරන හැම දෙයක්ම කරන්නේ නිශ්චිත ක්‍රමෝපායන් සම්බන්ධව කිසිම විග්‍රහක් නැතිව කියන එකයි මේ වගේ වැඩවලින් තේරෙන්නේ.රටේ සිද්ධ වෙන අර්බුදයේ කැබිනට් මණ්ඩලයට අදාල කොටසක් තියනවා කියන්නේ දේශපාලන ධාරාව ඇතුලේ ලොකු ව්‍යාකූලත්වයක් තියනවා කියන එකයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීලා හිටපු ගමන් ඉල්ලා අස්වෙනවා.චමින්ද විජේසිරි ඉල්ලා අස්වුනේ මොකක් හරි බලපෑමකට නෙවෙයි නං, ගතමනාවක් ගන්න නෙවෙයි නං එයාට පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන මේ ක්‍රියාවලියත් එක්ක ඉස්සරහට යන්න බෑ කියන මනස ඇවිල්ලා වෙන්න ඕනි.ඒ අවිනිශ්චිතකම විසින් හදපු කඩා වැටීම මත චමින්ද විජේසිරි ඉල්ලා අස්වුනා වෙන්නත් පුළුවන්.චමින්ද විජේසිරි එහෙම හේතුවකට නං ඉල්ලා අස්වුනේ මේ පාර්ලිමේන්තුවේ හිටිය දුර්වලම මිනිහා චමින්ද විජේසිරි.ඇත්තටම මිනිහා වගේ අය හොඳ මල් කඩනවා වගේ Subject එකකට.

ඒ යන ගමනුත් මයික් එකප සජිත් තාත්තා වගේ කියලා අඩ අඩා ගෙදර ගියා කියලා ආරංචියි. එහෙනං මේ සිද්ධ වෙන විපරීත දිහා රටේ ජනතාව සිහි බුද්ධියෙන් බලා ඉන්න කාලය ඇවිත්.හැබැයි මේ තියන ආර්ථික අර්බුදය ඉස්සරහා ඒ සවිඥානිකකම තියාගන්න ජනතාවට පුළුවන්ද කියන ප්‍රශ්නය රටේ රාළටත් තියනවා.තවමත් මිනිස්සු හෙට දවසට මුහුණ දෙන්නේ රාජ්‍යය ගැන විශ්වාසය තියලා.රාජ්‍යය තමන්ව සුරක්ෂිත කරයි කියලා හිතාගෙන.

අධිකරණය තමන්ට සාධාරණ ඉෂ්ඨ කරයි කියලා හිතාගෙන.හැබැයි ජනතාව තුල එහෙම සිතුවිලි තිබුණට මේ සිද්ධවෙන ක්‍රියාවලිය ඇතුලේ සියල්ල ව්‍යාකූලවෙමින් තියනවා.එහෙනං මේවා මේ ආර්ථික අර්බුදය නිසා විතරක් සිද්ධ වෙච්චි ඒවා නෙවෙයි.මේවා ඇතුලේ ඉතා සැලසුම් සහගත බිඳ වැට්ටවීමේ වැඩසටහන් තියෙන්න පුළුවන්. ඇත්තටම රාජ්‍යය තව තවත් ව්‍යාකූල කරන්න කරන මෙහෙයුම් මේක ඇතුලේ තියනවාම තමයි. දෙස් විදෙස් බලවේග ඒ අතර ඉන්න පුළුවන්.

ඒයාලා හදන උත්තරවලින් ප්‍රශ්න විසදෙන්නේ නැතිව ප්‍රශ්නය තවත් ව්‍යාකූල වෙනවා.රටේ රාළ කියපු මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උදාහරණයෙන් ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ.ඒක නිසා මේ සම්බන්ධව ඉතාම නිරවුල් විග්‍රහක් රටට ඕනි. ඒකට සමස්ථ එකට දකින්න,සමස්ථය එකට කියවගන්න පුළුවන් වෙන්න ඕනි.ඒ උපදේශන part එක දැන් මේ රට අත්‍යවශ්‍යයි.දෘෂ්ටිමය මඟ පෙන්වීමක් මේ රටට අත්‍යවශ්‍යයයි.

දැන් තියන ප්‍රශ්නය කවුද ඒක කරන්නේ කියන එකයි.ඒ vision එක මේ කිසිම දේශපාලන පක්ෂයකටම නෑ.තමන්ගේ න්‍යාය පත්‍රය ඇර වෙන කිසිම දෙයක් ඔය දේශපාලන පක්ෂ නායකයන්ට පේන්නේ නෑ.විපක්ෂයට ආණ්ඩුවට තරම්වත් මොලයක් නෑ.රනිල් ජනාධිපති විදිහට උත්තරයක් හොයන්න මහන්සි වෙන බව පේනවා.ඒකට සහය දෙන්න ඉන්නේ ඉතාමත් පුංචි කණ්ඩායමක්.රනිල් වටේට ඉන්න බහුතරයත් ෆන්කාරයෝම තමයි.

මේක ඇතුලට එවන පිල්ලි,උගුල්,කොලේ වහලා ගහන ගැහිලි හරියට විශ්ලේෂණය කරගෙන රාජ්‍යය සුරක්ෂිත තැනකටම ගෙනියන්න ඕනි ක්‍රියාදාමය කවුද සම්පුර්ණ කරන්නේ.රට ඉස්සරහා තියන බරපතලම ප්‍රශ්නය ඒක.ඇත්තටම එහෙම ප්‍රශ්නයක් මේ රටට තියනවා කියලා හිතන්නවත් පුළුවන් කිසිම දේශපාලන පක්ෂයක් අද මේ රටේ ඉතිරිවෙලා තියනවා කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.

රටේ රාළ බළකාය ඉන්න දෘෂ්ටිමය නිවැරදිභාවයත් ඒක්ක ඒක අපට පේනවා.රටේ රාළ බළකායේ අපිට ළඟ ටාගට් නෑ.අපට මන්ත්‍රීධූර අදාලම නෑ.ජාතික ලයිස්තු අදාලත් නෑ.කිසිම පක්ෂයක් අදාල නෑ. කාගෙවත් දොලපිදේනි අදාලත් නෑ.ජනාධිපති කවුද?ඇමති කවුද කියලත් අදාලත් නෑ.අපි මේ රටට ආදරෙයි.මේ රටේ දුක්විඳින මිනිස්සුන්ට ආදරෙයි.අපි විදිහට හිතන මිනිස්සු තවත් ගොඩක් ඉන්න බව අපි දන්නවා.

ඒ වගේම මිනිස්සු වෙනස් වෙමින් ඉන්න බවත් අපි දන්නවා.අපි පූර්ව නිගමනවල එල්ලිලා නෑ වගේම අපි ළඟ අසුභවාදයත් නෑ.මේ රට බේරගන්න නං ඒ මිනිස්සු අත්වැල් බැඳගන්න ඕනි.අපි ළඟ කාටවත් දෙන්න තනතුරු නෑ.දෙන්න පුටුත් නෑ.හැබැයි නිස්සරණාද්යාසයෙන් කරන සමාජ භූමිකාවක් අපිට තියනවා.මැරෙනතුරු අපි ඒක කරනවා. එහෙම මිනිසුන්ගේ මිනිස් පලියකින් මේ රට ආරක්ෂා කරගත යුතු වෙලාව අත ළඟටම ඇවිත්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions