Home » හොර රත්තරන් ගෙනාපු මන්ත්‍රීට දඩ විතරයි! පාර්ලිමේන්තුව අල්ලස හා දූෂණයට ආශිර්වාද කරනවා – හිටපු මැ.කො මහින්ද දේශප්‍රිය මහතා

හොර රත්තරන් ගෙනාපු මන්ත්‍රීට දඩ විතරයි! පාර්ලිමේන්තුව අල්ලස හා දූෂණයට ආශිර්වාද කරනවා – හිටපු මැ.කො මහින්ද දේශප්‍රිය මහතා

by Plus One

රාජ්‍ය යම් ආකාරයකට මැදිහත් නොවුනහොත් මෙම අඛණ්ඩව සිදුවන අල්ලස හා දූෂණය මැඩලීමට අවුරුදු 40ක් 50ක් යන විට මුළු රටම මෙම අල්ලස හා දූෂණය ගිල ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අප සමග කල සාකච්චාවකදී සදහන් කලා.

එසේම මෙම අල්ලස හා දූෂණය මැඩලීමට ලංකාව තුළ පවතින නීති ප්‍රමාණවත් ද, නැතිනම් නව නීති සම්පාදනය කළ යුතු ද යන්න පිළිබඳ ප්‍රශ්නයේදී එතුමා අදහස් දැක්වූයේ වර්තමානයේ අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් පවතින නීති ප්‍රමාණවත් බවයි. නමුත් ප්‍රශ්නය පවතින්නේ මෙම නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීමයි.

එසේම එතුමා පවසන්නේ ලංකාව තුළ කලින් කලට ප්‍රශ්න මතුවන බවයි. එම ප්‍රශ්නවලට අදාලව විසඳුම් සෙවීමට යොමුවීම තුළින් සැබෑ ප්‍රශ්න විසඳීමට පවතින හැකියාව අඩුවන බවයි.

ඒ අනුව මෑත කාලයේ ලංකාව තුළ පවතින ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපනය කරන ආකාරයයි. එසේම එතුමාගේ අදහස් අනුව මෙම අල්ලස , දූෂණය හා මත්කුඩු ව්‍යාපාරය මැඩ පැවැත්වන්න නම් තියෙන නීති ප්‍රමාණවත් බවත්, එම නීති බලාත්මක නොකිරීම ප්‍රධාන ප්‍රශ්නය වී ඇති බවත්ය.

එතුමාගේ අදහස් වලට අනුව මෙම අල්ලස හා දූෂණය වැළැක්වීමට නම් අල්ලස් දීම හා අල්ලස් ගැනීම ලංකාව තුළ නැවැත්විය යුතු බවයි.

එසේම මෙම අල්ලස් හා දූෂණය පිළිබඳව කතා කරන විට මහජන නියෝජිතයන්, පාර්ලිමේන්තුව සහ අනෙකුත් ආයතන තීරණාත්මක වුවත් මෙම අල්ලස හා දූෂණයට ආශිර්වාද කරන බවයි. ඊට කදිම උදාහරණය නම් රත්තරන් ප්‍රකාශ නොකර ලංකාවට ගෙනවිත්, එයට අදාල දඩ මුදල යම් ප්‍රමාණයකට අඩු කර ඇති බවයි.

අවසාන වශයෙන් එතුමා පවසන්නේ දේශපාලනය වනාහි වෘත්තීය දේශපාලනඥයන්ට පමණක් අයත් දෙයක් නොවන බවයි.එය සියලුම පුරවැසියන්ගේ වගකීමකි, අයිතිවාසිකමකි සහ යුතුකමකි.

සචිනි නුවන්ති ලියයි

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions