Home » හොර බෙහෙත් හදන, රට රවටන මහාචාර්ය ජයන්ත රාජපක්ෂ

හොර බෙහෙත් හදන, රට රවටන මහාචාර්ය ජයන්ත රාජපක්ෂ

by Nirodha Gamage

මහාචාර්ය ජයන්ත රාජපක්ෂ නැමැත්තා පිළිබඳ සැබෑ තත්ත්වය හෙළි කිරීමට ප්‍රමාදවීම ගැන කනගාටුව පල කරමි.දිගින් දිගටම පිස්සු කෙලිම ඉදිරියේ නිහඬව සිටීම තුලින් සිදුවන අපරාධය සුළුපටු නැත.ජයන්ත රාජපක්ෂ මහාචාර්යවරයෙකු වූයේ සත්තව සඳහාය. නමුත් මේ වනවිට විවිධ රෝග මෙන්ම නිධන්ගත රෝග සඳහා ආයුර්වේද ක්‍රමවේදයක් යයි සඳහන් කරමින් ඖශධ නිෂ්පාදනය කරනු ලබන්නේ කිසිඳු ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් හෝ සහයෝගය නොමැතිව බව සඳහන් කරමි.මෙයට ප්‍රථම නුවර පිහිටි ආයුර්වේද නිෂ්පාදනාගරයක සුළු කාලයක් සේවයකරන අතර මොහුගේ සේවය අත්හිටුවා තිබේ.මෙසේ සිදුවනවිට මහාචාර්ය ජයන්ත රාජපක්ෂ එම ආයතනය සතු ලක්ෂ 25ක් පමණ වටිනා ඖශධ නිෂ්පාදනය සඳහා යොදාගන්න අමුද්‍රව්‍ය හා යන්ත්‍රසූත්‍ර සොරකම් කර තිබේ.මේ පිළිබඳව මහනුවර පොලිසියට අනියුක්ත වංචා විමර්ශන ඒකකයේ 230/76 CSIB ය තුළ පැමිණිල්ලක් ගොනුකර තිබේ.එයට අමතරව තවත් පොලිස් ස්ථාන රාශියක මොහුට විරුද්ධව පැමිණිලි සඳහන්ව ඇති නමුත් මොහුගේ මහාචාර්ය පට්ටම සියල්ල වසා ගැනීමට භාවිතා කරයි.මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මත්පැන් පානය කර තම රථය ධාවනය කිරීම පිළිබඳ පුවත්පත් වල මෙන්ම අනෙකුත් මාධ්‍ය තුළද අනාවරණය කර තිබිණි.මෙහිදී මොහු පදවාගන ගිය රථය මහාමාර්ගයේ ගමන්ගත් මෝටර්රථ රාශියක ගැටී තිබේ. ජනතාව ජිවිත බේරාගැනීමට හිස්ලුලු අත දිවගිය ආකාරය මාධ්‍ය මගින් අනාවරණය කළේය.

මෙය මොහු විසින් කරන ලද එකම සමාජ විරෝධී ක්‍රියාව නොවේ වරක් පේරාදෙණිය පෙරදෙනිය් පශු පිද්‍යා ඒකකය වෙත ලබාදුන් අධික මිළ සුනඛයන් තිදෙනෙකුට මොහු විසින් සිදු කළ මතබේදාත්මක ශෛල්‍ය කර්මයක් පිළිබඳව ජාත්‍යන්තර සත්ව ක්‍රියාකාරීන් පවා දැඩි විවේචනයක් ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව එවකට ජනාධිපතිවරයාටද පැමිණිලි කර ඇති අතර ඔහුගේ සියලු තනතුරු වලින් ඔහු ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. ඒ පශු වදය ක්ෂේත්‍රයට මොහු විසින් එකතු කරන ලද කළු පැල්ලම හේතුවෙනි.

දැනට මොහු වාසය කරන්නේ පශු වෛද්‍ය සිසුන් සඳහා ඉදිකරනලද නේවාසිකාගාරයක බලහත්කාරයෙනි.

නිසි පරිදි තම සේවය ඉටු කිරීමට නොහැකි වූ මොහු දැන් ආයුර්වේද නිෂ්පාදනයන්ට බැස තිබෙන්නේ කිසිඳු නීත්‍යානුකූල අවසරයකින් තොරවය.ඔහුගේ ඇතැම් නිෂ්පාදන රටපුරා ආයුර්වේද වෙළඳසල්වල දැකිය හැකිය.එසේම පර්යේෂණ කරන මුවාවෙන් මේ පුද්ගලයා විදේශිකයන් පිරිසක් සමග එක්ව යම් ආකාරයක ජාවාරමක නිරත වන බව පෙනෙන්නට තිබේ.මොහු පිළිබඳව ආයුර්වේද දෙපාර්තමේන්තුවද අනතුරු අඟවා තිබේ. අවසාන වශයෙන් සඳහන් කලයුතු වන්නේ ඉහත සඳහන් කළ සුනඛයක් තිදෙනාට සිදු වූ අවාසනාවන්ත ඉඅරනමට ගොදුරු නොවීම ඇඟට හොඳ බවය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions