Home » හොරු රැක ගැනීමට සමඟි ජන බලවේගය සූදානම් නෑ

හොරු රැක ගැනීමට සමඟි ජන බලවේගය සූදානම් නෑ

by Nirodha Gamage

බොරු ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ මාධ්‍ය සෙල්ලමක් අද පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා සමඟි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයන් පිරිසක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය. “ආණ්ඩුවේ ඇමැති පට්ටම් දීමට මේ වන විට බාලගිරි දෝෂය ඇති වී තිබෙනවා. ආණ්ඩුවේ දේශපාලන සූදුව තව උපරිමයෙන් පවතින්නේ අවුරුදු එක හමාරක්. ජනාධිපතිවරණයකට සමඟි ජන බලවේගය සූදානම්.

“එහිදී සමඟි ජන බලවේගය ජයග්‍රහණය කරනවා. තාන්නමාන්න බලාගෙන තනතුරුවලට යන්නේ නෑ. හොරු රැක ගැනීමට සමඟි ජන බලවේගය සූදානම් නෑ.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions