Home » හොරකම සංස්කෘතියක් කළ රෝහණ විජේවීර – විශේෂ ලියුම්කරුවෙකු විසින්….

හොරකම සංස්කෘතියක් කළ රෝහණ විජේවීර – විශේෂ ලියුම්කරුවෙකු විසින්….

by Nirodha Gamage

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර වසර 50 කට වඩා වැඩි කාලයකි.පළමුව ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස දොරට වැඩිය මුත් පසු කාලිනවේය දේශපාලන ව්‍යාපාරයක් ලෙස ප්‍රචලිත විය. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම වෛරය, ක්‍රෝධය, පළිගැනීම පදනම් කරගත් දේශපාලන ව්‍යාපාරයක් විය.

ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස මෙහි පළමු සාමාජිකයන් වූයේ මහින්ද විජේසේකර හා DIG ධර්මසේකර වැනි යයි.පසුකාලීනව රෝහණ විජේවීර කූට ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය තම අතට ගත්තේය.රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විජේවීර ඇති කිරීමට තැත් කළ කූමන්ත්‍රණයක් හේතුවෙන් එරටින් පිටුවහල් කළේය.

ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට ඇතුල් වූ විජේවීර එහි නායකයන් වසඟයට ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ බිහි කළ අතර පසුව පැවති ආණ්ඩු පිළිබඳ වෛරයක් ඇති කරමින් විවිධ අවලාද ගොඩනගමින් ග්‍රාමීය තරුණය ප්‍රජාව ද සිය වසඟයට ගත්තේය.දේශපාලන පන්ති පහ නමින් ඔහු නිර්මාණය කළ අධ්‍යාපන වැඩසටහනේ පදනම දේශපාලනය නොවූ අතර ඒ වෙනුවට සමාජයට වෛර කරන මිනිසෙකු නිර්මාණය මත එය පදනම් විය. එපමණක් නොව හොරකම සංස්කෘතියක් ලෙස ප්‍රවර්ධනය කිරීම එහි මූලික අරමුණක් විය. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා තුල හොරෙන් ගමන් කිරීම කුඩා වෙළඳසැල් වලින් සහල් සොරකම් කිරීම, ආපනශාලා වලින් මුදල් නොගෙවා ආහාර ගැනීම තරුණයන්ට පුහුණු කළේය. එතැනින් නොනැවතී බැංකු මංකොල්ල කා පක්ෂ අරමුදල තර කර ගැනීම තුළින් අවි ආයුධ මිලට ගැනීම එහි මූලික උපක්‍රමයක් ලෙස තරුණයන් උගන්වන ලදී.

රාජ්‍ය බලය ඇල්ලීම සඳහා මොවුන් 71 කැරැල්ල නමින් ආරම්භ කරන ලද ත්‍රස්ත ප්‍රහාරය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ ආණ්ඩුවක් නිර්මාණය කළ ආරම්භක අවස්ථාවේම එල්ල කළ අන්ත දක්ෂිනාෂික මිනීමරු ප්‍රහාරක් ලෙස සැලකිය හැකිය.

1971 අප්‍රේල් 05 රටපුරා ආරම්භ වූ ත්‍රස්ත ප්‍රහාරය මගින් පොලිස් ස්ථාන කිහිපයක හා රාජ්‍ය ආයතන කිහිපයක් බලය අල්ලා ගැනීමට ඔවුන් සමත් වූ අතර තරුණයන් කෙතරම් ආවේගශීලි වීද යත් තම කැලෑ නීතියට අනුව නඩු ඇසීමටද පටන් ගත්තේය.

අවසානයේ ආණ්ඩුව විසින් කැරැල්ල මර්ධනය කළ අතර දහස් ගණනකට ජිවිත අහිමි විය. කැරැල්ල තුළ පැහැදිළිව තිබුනේ අසංවිධානාත්මක බව හා පාවා දීමයි.අවසානයේ රාජ්‍ය අර්බුධයට ලක්කිරීමත්, තරුණ ජිවිත දහස් ගණනක් බිලිදිමත්, සිරගතවීමත් හැර ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ ප්‍රගතශීලි ක්‍රියාවක් පිළිබඳ අපට අසන්නට ලැබුනේ නැත.

මතු සම්බන්ධයි….

විශේෂ ලියුම්කරුවෙකු විසින්….

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions