Home » හොට බිම ඇණුනු හිටපු ජනපති

හොට බිම ඇණුනු හිටපු ජනපති

by Plus One

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ කැඳවා තිබූ විධායක සභා රැස්වීම සහභාගි නොවන බව පවසමින් එම සන්ධානයේ හවුල්කාර පක්ෂ හතරක ලේකම්වරුන් මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවා ඇත.

තමන් හෝ තම පක්ෂයේ විධායක සභාව නියෝජන කරන කිසිවෙකු එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම සඳහා සහභාගි නොවන බව එම ලිපිවලින් අවධාරණය කොට තිබේ.

දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලංසූරිය, මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන යාපා, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩග්ලස් දේවානන්දා හා ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එම්.එම්. අතාවුල්ලා ඇතුළු පිරිසක් එම රැස්වීමට සහභාගි නොවන බව පවසමින් මෙසේ ලිපි යොමු කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ව්‍යවස්ථාව පරිශීලනය කිරීමේදී මහින්ද අමරවීර මින් පෙර පෙන්වාදී ඇති අයුරින් සභාපතිවරයා කැඳවා ඇති මේ රැස්වීම නීති විරෝධී යැයිද ඔවුහු සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

ව්‍යවස්ථා විරෝධී රැස්වීමක් පැවැත්වීම නීතිමය ගැටලු රැසක් උද්ගත කරනු ඇතැයි ද ඔවුහු පෙන්වා දී ඇත.

එම නිසා සන්ධානයේ පාර්ශ්වකරුවන් ලෙස තමන්ට ද අධිකරණය හමුවේ වගඋත්තර බැඳීමට සිදුවන නිසා එම රැස්වීම අවලංගු කරන්නැයි ද එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions