Home » හෙරොයින් කිලෝ 200ක් සමඟ කොටු වූ යාත්‍රාව….

හෙරොයින් කිලෝ 200ක් සමඟ කොටු වූ යාත්‍රාව….

by Nipuna Fernando

ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට ලබා දීමට බව කියන රුපියල් කෝටි 1,200කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් රැගෙන පැමිණි ඉරාන ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබේ. එමෙන්ම එහි ගමන්ගත් ඉරාන ජාතිකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් සමඟ යාත්‍රාව කේරළයේ – කොචි වෙත රැගෙන ආ බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනන්‍ය වූ සලකුණු සහ ඇසුරුම් සහිත පැකට් 200 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇති බවත් මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය ඇෆ්ගනිස්තානයෙන් ගෙනවිත් ප්‍රවාහනය කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර, ඒවා මෙම යාත්‍රාවට මධ්‍යම මුහුදු හුවමාරුවකින් පටවා ඇති බව වාර්තා වන අතර ඉන් අනතුරුව, එම බෝට්ටුව ශ්‍රී ලංකා යාත්‍රාවකට එම මත්ද්‍රවය තොගය භාරදීම සඳහා ඉන්දීය මුහුදු තීරයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා යාත්‍රාව අල්ලා ගැනීමට සහ හඳුනා ගැනීමට උත්සාහ කළ නමුත් එය සොයා ගැනීමට නොහැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අත්අඩංගුවට පත් වූ පිරිස මුහුදට පැන පලා යාමට උත්සාහ කළා පමණක් නොව තොගය විසි කිරීමට ද උත්සාහ කළ බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions