Home » හිරේ දැමීම නවතී: නිවාස අඩස්සියේ තියන්න සැළසුම්

හිරේ දැමීම නවතී: නිවාස අඩස්සියේ තියන්න සැළසුම්

by Nirodha Gamage

බන්ධනාගාර කොමසාරිස් සහ දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ නව බන්ධනාගාර ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව නොමැති බැවින් නිවාස අඩස්සියේ තබා ගැනීමේ ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒකනායක අදහස් දක්වමින් කියා සිටියේ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයින් විශේෂ පොදු සමාව යටතේ පොහොය වැනි විශේෂ අවස්ථා වලදී නිදහස් කළත් ඔවුන් කෙටි කාලයක් තුළ අපරාධකරුවන් ලෙස යළි සිරගත වීම ප්‍රශ්නයක් වී ඇති බවයි. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිකරුවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද අනාවරණය විය.

“බන්ධනාගාර හදන්න අවශ්‍ය මුදල් රජයට නැහැ. ඒ නිසා නිවාස අඩස්සියේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. එමෙන්ම මීගමුව දළුපොත ප්‍රදේශයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නවාතැන් ගැනීමට ගොඩනැගිලි හතරක් ඉදිවෙමින් පවති.”

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මීට පෙර කියා සිටියේ බන්ධනාගාරවල ධාරිතාව ඉහළ ගොස් ඇති බවත් එම සංඛ්‍යාව 259%ක් වන අතර ඇතැම් බන්ධනාගාරවල එම සංඛ්‍යාව 300% සිට 400% දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. දැනට පවතින බන්ධනාගාර නිවාසවල රැඳවියන් 11,762 දෙනෙකුට පමණක් ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් ඇතත් දැනට රැඳවියන් 26,791ක් සිටින බව ප්‍රකාශ කළා. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 17,502 න් 10,470 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිති. එම දෙපාර්තමේන්තුව පැවසුවේ රැඳවියන් 9,289 න් 3,569 ක් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිකරුවන් බවයි. ඒ අතරින් සිරකරුවන් 1309 දෙනෙකු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව දැනට බන්ධනාගාර ගතව සිටින බව වැඩිදුරටත් අවධාරණය කෙරුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions