Home » හින්දි නිළියන්ටත් බෑ කියා දස වසරක ප්‍රේමය සුරැකි වනිඳු

හින්දි නිළියන්ටත් බෑ කියා දස වසරක ප්‍රේමය සුරැකි වනිඳු

by Nirodha Gamage

ඔහු ලොව අංක එකේ T 20 පන්දු යවන්නාය. ලෝක ක්‍රිකට් කතාවේ මේ දිනවල වනිඳු නැති පිටියක් තරඟාවලියක් දකින්නට අහන්නට නැති තරම්ය. ඒ තරම් ක්‍රිකට් පිටියට වනිඳු අත්‍යවශ්‍ය වී තිබේ. ඔහු ලෝක ක්‍රිකට් වාර්තා කෙටි කලකින් අලුත් කළ අතර කලකට පසුව IPL යන්නට හැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු බවට පත් විය.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග පසුගිය බ‍්‍රහස්පතින්දා (9) ඔහුගේ ජීවිතයේ වඩාත් වැදගත්ම ඉනිම වන ‘විවාහ’ දිවිය ආරම්භ කළේය.

වනිඳුගේ සහකාරිය බවට පත්වූයේ හුරුබුහුටි තරුණියක් වන වින්ද්‍යා පත්මපෙරුමය. වින්ද්‍යා බොරුල්ල සියලු ශාන්තුවරයන්ගේ විදුහලේ ආදි ශිෂ්‍යාවක වන අතර දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ක්‍රිකට් ක්‍රීඩාවට දැඩිව ඇලුම් කරන්නියකි.

වින්ද්‍යා වනිඳු ආදර කතාව ආරම්භ වන්නේ අද ඊයේ නොවේ, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ කඩවසම් යොවුන් ක‍්‍රීඩක වනිඳු වින්ද්‍යාට හමුවමේ වන විට වසර 10 කට ආසන්න කාලයකි.

මේ වසර 10 තුළ වනිඳු ලොව පුරා සිය නම සටහන් කරගන තිබුණේය. ඔහු ඉහළ ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගත්තේය.IPL තරගාවලියේ ද වඩාත් අවධානය දිනාගත් විදේශ ක‍්‍රීඩකයකු වන වනිඳුට, සුරූපී ඉන්දීය තරුණියන්ගෙන් ද නිළියන්ගෙන්ද ආදර සම්බන්ධතා ගලා ආවද ඔහු ඒවාට ප‍්‍රතිචාර නොදැක්වීය. ඔහු වින්ද්‍යා සිය ජීවන සහකාරිය බවට පත්කර ගත්තේය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති වනිඳු සහ වින්ද්‍යාගේ වර්ණවත් විවාහ මංගල උත්සවයට හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය,සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායක දසුන් ශානක, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්‍ෂණ, චරිත් අසලංක, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ධනංජය ලක්‍ෂාන්, ජෙෆ්රි වැන්ඩසේ ඇතුළු ක‍්‍රීඩකයෝ සහ පුහුණුකරුවෝ රුසක් මංගල උත්සවයට සහභාගි වූහ.

අවිෂ්ක ප‍්‍රනාන්දු සහ අෂේන් බණ්ඩාර දෙපළ වනිඳුගේ ‘දෙවැනි මනාලයෝ’ වූහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions