Home » හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් විශේෂ නිවේදනයක්

by Plus One

ශ්‍රි ලංකාවේ සිව්වන විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සම්බන්ධව මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධව තම පුද්ගලික facebook ගිණුමේ පළකරන ලද නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනයයි.

මා එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජන බලවේගයට එකතු වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව මම නැවත නැවත අවධාරණය කරමි.

මා ඉපදුනේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය.
හැදී වැඩුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය.
විවිධ පහර කෑම් වලට ලක් වූයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙනි.
අවසානයේ මා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙසිනි.

විවිධ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ.

ඒ නිසා බණ්ඩාරනායක දර්ශනය අගය කරන, පැහැදිලි දර්ශනයක් මත කටයුතු කරන මම, ඒ දර්ශනය පිළිගෙන ඊට අනුගත දේශපාලනයක නියුතු වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වෙමි.

මේ මොහොතේ අප දේශය මුහුණු දෙන ජාතික අර්බුද දෙකක් වන රටේ පවතින ළමා මන්ද පෝෂණ තත්ත්වය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබා දීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට මාගේ උපදෙස් ලබා දෙමි.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් විසින් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව අවධාරණය කරමි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions