Home » හරීන්ට මුවා වී, පොලීසියට චණ්ඩි පාට් දැමූ වීරයා හැංගෙයි?

හරීන්ට මුවා වී, පොලීසියට චණ්ඩි පාට් දැමූ වීරයා හැංගෙයි?

by Plus One

පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝවේ සිටි අමේෂ් රුවන්ත නම් පුද්ගලයා මේ වන විට ඔහු පදිංචිව සිටි ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු මහරගම ප්‍රදේශයේ තම බිරිඳ සමග රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙනගොස් තිබුණා.

අදාළ සිදුවීම නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී සිදු වූ බවට තොරතුරු වාර්තා වනවා.

එහිදී රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැනවදින මෙම පුද්ගලයා අදාළ නිලධාරීන්ගේ ඡායාරූපද ලබාගැනීම සිදුකරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අදහස් හුවමාරු වන්නේ මොහු කටින් වැඩ දමා භයේ හැංගෙන කාඩ්බෝඩ් වීරයෙකු කියාය. කෙසේ වෙතත් අදාළ වීඩියෝවේදී “හරීන් සර්” යනුවෙන් සඳහන් වීමත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයන් අදහස් දක්වන්නෙ එම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන හස්තයක් ද ඇති බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions