Home » හරි පාලකයෙක් මේ රටේ නෑ – මල්වත්ත මහ නායක හිමි කරුට කියයි

හරි පාලකයෙක් මේ රටේ නෑ – මල්වත්ත මහ නායක හිමි කරුට කියයි

by Plus One

සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය ජනවාරි 2වන දින අස්ගිරි – මල්වතු මහා නායක හිමිවරුන් බැහැ දුටුවා.

ජාතික ගැටලුව විසදා ජාතීන් අතර සමගිය ඇති කිරීම, දූෂිත දේශපාලන ක්‍රිමවේදය පරාජය කිරීම මෙන්ම විධායක ජනාධිපතුධූරය අහෝසි කිරීම ආදී කරුණු කිහිපයක් මෙහිදි හිටපු කථානායකවරයා මහ නායක හිමියන් වෙත කියා සිටියා.

සිංහල දමිළ ජාතීන් අතර විස්වාසය ගොඩනැංවීම සදහා මෑතකදී ගෝලීය දමිළ සංසදය විසින් එළි දැක්වූ හිමාලන් ප්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහිදි සිහිපත් කර ඇත.

නමුත් මෙම හමුවේදී සියම් මහා නිකායේ මල්වත්ත පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් කියා සිටියේ නිදහස ලද දිනයේ සිට දේශපාලකයන් පොරොන්දු දුන්නද ඒවා ඉටු නොකල බවත්, මේ වන විට රට පාලනය කිරීමට රටට ආදරේ පාලකයෙක් නොමැති බවත් ය.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ආදී පොරොන්දු මීට පෙර අවස්ථා කිහිපයකදිම මැතිවරණවලදී පොරොන්දු වුවත් ඒවා ඉටු නොකල බවත් පාලකයන් ඒ සියලු කොන්දේසි තම වාසියට පමණක් තියා ගන්නා බවත් මහ නායක හිමියන් පෙන්වා දී තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions