Home » හරිනිගේ වැඩේ සාර්තකයි. ගෑණු පෙරමුණේ නම් අනුර දිනුම්

හරිනිගේ වැඩේ සාර්තකයි. ගෑණු පෙරමුණේ නම් අනුර දිනුම්

by Plus One

‘ගැහැනු අපි එක මිටට’ තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් පසුගිය දෙසැම්බර් 30වන දින සංවිධානය කර තිබූ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව පක්ෂ අතර දේශපාලන උණුසුම වැඩි කිරීමට සමත් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මියගේ නායකත්වයෙන් 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගය රට පුරා කාන්තාවන් සංවිධානය කිරීමට පටන්ගෙන ඇත.

මැතිවරණය දිනෙන් දින ආසන්න වන්නට පක්ෂ හා අපේක්ෂකයන් අතර තරගය මෙන්ම ජන්ද උණුසුමද වැඩි වන මොහොතක හරිනි කාන්තාවන් පෙරටු කරගනිමින් ගහපු ගල බොහො තරගකාරී පක්ෂ වල වීදුරු ගෙවල් වල ඉරි තැලුම් ඇති කර ඇත.

දහස් ගණනක කාන්තාවන් ප්‍රමාණයක් අතුරු සිදුරු නැතිව මාතර සමුළුවට සහභාගි වීමෙන්, දේශපාලන විචාරකයන් කියා සිටින්නේ අනුර කුමාර 2024 ජනපති සටනේ පෙරමුණේම සිටින බවයි.

මන්ද ශ්‍රී ලංකාවේ දේශපාලනයේ උඩු යටිකුරු කරන ප්‍රධානතම තුරුම්පුව කාන්තාවන් නිසා ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions