Home » හර්ෂ – එරාන් out. සජිත්ගේ මුදල් ඇමති ගොඩහේවා – එරන්ද ගිනිගේ

හර්ෂ – එරාන් out. සජිත්ගේ මුදල් ඇමති ගොඩහේවා – එරන්ද ගිනිගේ

by Plus One

ගොඩහේවා කළේ මරු වැඩක්. සජබය හදන්න මුල් වුණු හර්ෂ සහ එරාන් දෙන්නටම එක ගලෙන් ගහලා සජිත්ගේ මුදල් ඇමති වීම මරු වැඩක්. ගොඩහේවට හොඳට පුළුවන් අනෙකාගේ දුර්වලතාවයන් හඳුනාගෙන එතනට ඇණේ ගහන්න. අනෙක් අයව කපලා ඉස්සරහට යන්න. ගොඩහේවා කියන්නේ මම දැකපු වඩාත්ම ආත්මාර්ථකාමී සහ තණ්හාධික චරිතයක්. එයාට ඕනා කෙටිම කාලයකින් ගහේ මුදුනටම නැගලා පෙන්වන්න. එහෙම නගිද්දී තමන්ට අත දුන්න මිනිහට පයින් ගහලා බිමට දැමීම ගොඩහේවාට සුළු දෙයක්.

ජනපති ගෝඨාභය ගොඩහේවට දුන්නේ හොඳම අමාත්‍යංශයක්. ගැසට් කරලම දුන්නා නාගරික සංවර්ධන අධිකාරිය. ගෝඨාභය කොළඹ ඇතුළු නගර පංකාදුවට හැදුවෙත් ඒකෙන්. නමුත් ගොඩහේවා ඇමති කෙනෙක් හැටියට ෆේල් වුණා. දක්ෂ පළපුරුදු අවංක නිලධාරීන් සමග ගැටුණා. අන්තිමට කිසිම වැඩක් කළේ නැහැ. එයින් පෙනෙන්නේ ගොඩහේවා කොච්චර කපටි වුණත් එයා ඇත්තටම වැඩකාරයෙක් නොවන බවයි. ඒ අතින් රාජ්‍ය අමාත්‍යංශ දුන්නු ප්‍රසන්න රණවීර පවා ගොඩහේවට වැඩිය වැඩක් කළා. කාංචන විජේසේකර, ඩී. වී. චානක වගේ තරුණ ඇමතිවරුන් පවා ගොඩහේවාට වැඩිය තමන්ගේ ආයතනවල වැඩ පෙන්නුවා. ඒ නිසා ‘රාජ්‍ය අමාත්‍යංශවල වැඩක් කරන්න බැහැ’ කියලා ගොඩහේවා කියන කතාව නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනවා වගේ කතාවක්.

ඇත්තටම රාජ්‍ය ආයතනවලට සභාපතිලා පත් කරන වැඩේ හෑවෙත් ගොඩහේවා. වියත්මගේ දක්ෂ වෘත්තිකයන්ව කපලා එයාගේ ගම්පහ ඡන්ද කැම්පේන් එකට උදව් කළ අයට තමයි තනතුරු දුන්නේ. වියත්මගට බැන්නට ඇත්තටම වියත්මගේ මිනිස්සුන්ට අවස්ථාවක් දුන්නේ නැත්තේ ගොඩහේවා මිසක් වෙන කවුරුවත් නොවෙයි. ඒකට හේතුව ගොඩහේවා වියත්මග ඇතුළේ කැපිලා හිටියේ. මෙයින් පෙනෙන්නේ ගොඩහේවා තමන්ගේ පුද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කරගන්න කොච්චර දක්ෂ වුණත්, සාමූහික ආයතනික වැඩ වලදී ෆේල් වෙන බවයි. මිනිහා කවුද කියලා ජනපති ගෝඨාභය දන්න නිසා තමයි ගොඩහේවා කොච්චර ඉල්ලුවත් වියත්මගේ නායකත්වය දුන්නේ නැත්තේ. ඒ වගේම කොච්චර කරදර කළත් මුදල් ඇමතිකම දුන්නෙත් නැත්තේ. හොඳ වෙලාවට මුදල් ඇමතිකම නොදුන්නේ. රෙජීම් චේන්ජ් එක එන වෙලාවේ ගොඩහේවා හිටියා තාමත් රට ගිනි ගන්නවා.

තමන්ගේ ඒකමතික අධිකාරී බලයක් යටතේ පුද්ගලික අරමුණු ඉටු කරගන්න ඕන නෙකෙකුට පුළුවන්. නමුත් විවිධ අදහස්, විවිධ හැකියාවන් තිබෙන කණ්ඩායමකට නායකත්වය දීලා පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න ගොඩහේවාට බැහැ. හෙලිකොප්ටරේට මුලින්ම ද්‍රෝහී වෙන්නේ ගොඩහේවා කියා මා කීවේ කොප්ටරේ හදපු දවසේමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ගොඩහේවා අමාත්‍යංශ දැරූ කාලය තුළ එල්ල වෙලා තියෙන වංචා සහ දූෂණ චෝදනා ගැන නම් මා දන්නේ නැහැ. නමුත් ගොඩහේවගේ එක දෙයක් ගැන නම් මා සතුටුයි. ඒ තමයි අඟේ ඉඳන් කණ කන්නේ නැතුව එළිපිටම කල් තියාම ප්‍රේමදාසගේ සජබෙට එකතු වීම. ධර්මය ඔබට මග වේවා!

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions