Home » හර්ෂත් රනිල්ට

හර්ෂත් රනිල්ට

by Nirodha Gamage

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද SSC පිටියේ පැවති 144 වැනි රාජකීය – ශාන්ත තෝමස් ක්‍රිකට් තරගයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සංවාදයක නිරත වන අයුරු දැකගත හැකි විය.

මෙම සංවාදය සිදුවන්නේ දේශපාලන පිටියේ සමගි ජන බලවේගයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතුවීමට නියමිත බව වාර්තා වන මොහොතකයි.එම කණ්ඩායමේ සාමාජිකයන් ලෙස රාජිත සේනාරත්න, එරාන් වික්‍රමරත්න හා හර්ෂ ද සිල්වා ගව් නම් ඉහළින්ම කියවෙනවා. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළ විශ්වාසය බිඳවැටීමේ අවදානමක් පවතින අතර නැවත එක්සත් ජාතික පක්ෂය බලමුළු ගැන්වීමේ උත්සහයක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සනාථ කර තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions