Home » සෞඛ්‍ය අමාත්‍යංශය මෙ දවස්වල රග දක්වන්නෙ හාවෙකුගේ චරිතය – රවී කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යංශය මෙ දවස්වල රග දක්වන්නෙ හාවෙකුගේ චරිතය – රවී කුමුදේශ්

by Plus One

සෞඛ්‍ය නිළධාරීන් සිදුකරන වැඩ වර්ජනය සම්බන්ධයෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය සාකච්ජාවක් කැදවා තිබුණා.

ඒ මහතා සදහන් කල අදහස් පහතින් දැක්වේ.

නව වෙනිදා කැබිනට් තීරණය, 11 වෙනිදා චක්‍රලේකයක් විදිහට නිකුත් කරන්න තරම් සෞඛ්‍ය ලේකම් වරයා කාර්යක්ෂම වෙලා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට අදාල චක්‍රලේකයක් ගහන්න, ලේකම්ට අවුරුදකුත් මදි. DAT දීමනා වැඩිකලේ ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයේ. ඒත් චක්‍රලේකය තවම ගහලා නෑ.

සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්නේ රඟපෑමක්.
වර්ජනය ගැන කථා කරනකොට ඔවුන් රඟ දක්වන්නේ අහිංසක අසරණ හාවෙකුගේ චරිතයක්. කිසිම වගකීමක් ගන්නේ නෑ. DAT දීමනාව වැඩි කරන එක ගැන මොකුත්ම දන්නේ නැති රඟපෑමක් කරමින් ඉන්නෙ.

ප්‍රතිචාර කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. අපිව රවට්ටන්න හදන්වා. පරිපූරක වෛද්‍ය සේවාව ලබන අගහරුවාදා 2023.01.16 දින උදෑසන 8ට යලි වර්ජනයක් ආරම්භ කරනවා. විදෙස් ගත වීමට පෙර සෞඛ්‍ය සේවාවට විසදුමක් දිලා යන්න, අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. මේක අපි මත පටවපු වර්ජනයක්!

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions