Home » සේවක අර්ථසාධක අරමුදල් පනතට සුමන්තිරන්ගෙන් සංශෝධනයක්

සේවක අර්ථසාධක අරමුදල් පනතට සුමන්තිරන්ගෙන් සංශෝධනයක්

by Nirodha Gamage

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කළ යුතු බවට යෝජනා කරන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. යෝජිත සංශෝධනය මඟින් සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ තොරතුරු නියමිත වේලාවට සහ විධිමත් ලෙස හෙළිදරව් කිරීම අපේක්ෂා කරන අතර, එමඟින් අරමුදලේ වගවීම සහතික කිරීම සහ කම්කරුවන්ගේ ඉතිරිකිරීම් ආරක්ෂා කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සපයන බව සුමන්තිරන් පැවසීය.

යෝජිත සංශෝධනය මගින් වාර්ෂික වාර්තාව හරහා තොරතුරු වඩාත් හොඳින් හෙළිදරව් කිරීම සහ වගකීම් දැරීමේ දෘෂ්ටිකෝණයකින් සේවක අර්ථසාධක අරමුදල විසින් එක් එක් බැඳුම්කර හෝ වත්කම් මිලදී ගැනීම සහ විකිණීම පිළිබඳ තොරතුරු හෙළි කිරීම අනිවාර්ය කිරීමට අපේක්ෂා කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල බවත්, සියලුම පෞද්ගලික අංශයේ සේවකයන්ට තම විශ්‍රාම අරමුදල් සේවක අර්ථසාධක අරමුදලේ තබා ගැනීමට නියම කර ඇති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා රුපියල 80% කින් අවප්‍රමාණය වීමෙන් පසුවත් සේවක අර්ථසාධක අරමුදල ඩොලර් බිලියනය10 ක විශ්‍රාම ඉතුරුම් මුදලක් තබා ගත යුතු බව පැවසීය.

සේවක අර්ථසාධක අරමුදල වාර්ෂික වාර්තා පවා ප්‍රකාශයට පත්කිරීමේදී අතිශය වගකීම් විරහිතව කටයුතු කර ඇති බැවින් තමන් සතුව නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති බවත් ඇස්තමේන්තු වෙත යොමුවිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය. “නොවැම්බර් වනතුරු තිබුණේ 2016 වසරේ අලුත්ම වාර්ෂික වාර්තාවයි. අයවැය විවාදයේදී අපි මේ ප්‍රශ්නය ගෙනාවාට පස්සේ ඔවුන් හදිසියේම 2019 දක්වා වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කළා. වාර්ෂික වාර්තා නියමිත වේලාවට ප්‍රකාශයට පත් කිරීමට මහ බැංකුවට හැකියාවක් නැත්තේ ඇයි? මිනිසුන්ට විශ්වාස කළ හැකි ආකාරයේ කළමනාකරණයක් සහ වගවීමක් මෙම ආයතනයට තිබේද? ඔහු පැවසුවා.

දැනට පවතින නීතිවලට සේවක අර්ථසාධක අරමුදලෙන් අවශ්‍ය වන හෙළිදරව් කිරීම් සංඛ්‍යාව වැඩි කිරීමට සහ හෙළිදරව් කිරීම්වලට වඩාත් පැහැදිලි බවක් එක් කිරීමට නොහැකි නිසා තමා මෙම යෝජිත සංශෝධනය ඉදිරිපත් කළ බව සුමන්තිරන් පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions