Home » සුලෝහිත සංග්‍රාමය 93 වැනි වරටත්

සුලෝහිත සංග්‍රාමය 93 වැනි වරටත්

by Nirodha Gamage

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක වන ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 93 වැනි සුලෝහිත සංග්‍රාමය මාර්තු 4 සහ 5 යන දිනවල කොළඹ SSC පිටියේදී පැවැත්වේ.

වසර දෙකකට පසු කිසිදු COVID-19 සීමාවකින් තොරව ක්‍රිකට් තරගය පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

වසර 69කට පසු දෙදින තරගය ජයගත් නාලන්ද විද්‍යාලය පසුගිය වසරේ පැවැති තරගයේදී ආචාර්ය එන්.එම්.පෙරේරා කුසලානය හිමිකර ගත්තේය.

ආනන්ද ක්‍රීඩකයින් අවසන් වරට දෙදින තරඟයක් ජයගෙන ඇත්තේ 2003 වසරේ දුමින්ද කුලරත්නගේ නායකත්වයෙන්.

1924 වසරේ සිට මෙම පාසල් දෙක එකිනෙකාට එරෙහිව තරග වදින අතර තීරණයකින් අවසන් වී ඇත්තේ තරග 19ක් පමණි.

ඒ අනුව මෙතෙක් පැවැති තරග 92 න් තරග 12 ක් ආනන්ද විදුහල ජයගෙන ඇති අතර නාලන්ද විදුහල තරග 7 ක් ජයගෙන තිබේ.

ආනන්ද කණ්ඩායම

ආනන්ද විද්‍යාලය මෙහෙයවනු ලබන්නේ දකුණත් වේගපන්දු යවන් නෙත්ම සමරවීර විසිනි.

කණ්ඩායම: නෙත්ම සමරවීර (නායක), ඉරුත් ගිම්ෂාන් (උප නායක), ඉසුරු වීරසූරිය, අයේෂ් ශෂිමාල්, විලාෂ් කරුණාරත්න, විදුන විජේබණ්ඩාර, යෙහාන් ගුණසිංහ, අශිංස නයනායක, කවීෂ මෙන්ඩිස්, පුලිඳු කිරිඇල්ල, කිත්ම විදානපතිරණ,මලීෂ පෙරේරා,කාංචන ද ලිවේරා , රුවිෂාන් පෙරේරා, දිනද අතලගේ, කේනුල ද සොයිසා, ජනුදික ශ්‍රියාපාල (ප්‍රධාන පුහුණුකරු), සංජය දේවපුර (සහාය පුහුණුකරු)

නාලන්දා කණ්ඩායම

නාලන්ද විද්‍යාලය මෙහෙයවන්නේ සිවුවැනි වසරේ වර්ණලාභියකු වන දකුණත් පිතිකරු චනුල් අතුකෝරල විසිනි.

කණ්ඩායම: චනුල් අතුකෝරල (නායක), සජිත විතානගේ (උප නායක), එරංග ජයකොඩි, මිනෝද් කල්දේරා, කුෂ්මිත සිල්වා, යසිරු සමරකෝන්, රුසිරු විලෝචන, ජනුල ඉඳුසර, සදෙව් සමරසිංහ, සෙනේෂ් විජේසිංහ, අකේෂ් මනෝරත්න, තිසර දෙවිඳු, සත්මිණ සේරසිංහ, රිසාත් ජයරත්න, ඔසඳ පමුදිත, තිමත් හේරත්, මාලිංග සුරප්පුලිගේ (ප්‍රධාන පුහුණුකරු), රුවන් දිසානායක (සහාය පුහුණුකරු)

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions