Home » සී.සී.සී. සහ ටැමිල් යුනියන් ළඟාවිය නොහැකි මානයකට

සී.සී.සී. සහ ටැමිල් යුනියන් ළඟාවිය නොහැකි මානයකට

by Nipuna Fernando

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අනතර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතිය අවසන් වීමත් සමඟ ‘ඒ’ කාණ්ඩයෙන් සී.සී.සී. කණ්ඩායමද ‘බී’ කණ්ඩායමේ ටැමිල් යුනියන් කණ්ඩායමද පෙරමුණ ගැනීමට සමත්ව සිටිති.

මූලික තරග වටය හෙවත් ලීග් තරගවටය යටතේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 2, අවසන් පූර්ව තරග වටයේ තරග වටයට සුදුසුකම් ලබන බැවින් තවමත් කණ්ඩායම් කීපයකටම ඒ සදහා අවස්ථාව විවෘතව පවතියි.

පළමු වටය යටතේ ඇතැම් කණ්ඩායම් තරග 7 කට ක්‍රීඩා කර ඇතත් තරග 6 කට පමණක් ක්‍රීඩා කළ ඇති කණ්ඩායම්ද වෙති. කෙසේ වෙතත් මෙවර තරග වාරයේ තරග 7 කදී පූර්ණ ජයග්‍රහණය 3 ක් සහ පළමු ඉනිමේ ජය 4 ක් වශයෙන් වාර්තා කොට ප්‍රසාද ලකුණු 101.295 ක් ලබා ගනිමින් ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සී. සී. සී. පිල සමත්ව සිටින අතර ටැමිල් යුනියන් කණ්ඩායම බී කාණ්ඩය යටතේ තරග 7 කදී පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ පළමු ඉනිමේ ජය 2 ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 99.760 ක් ලබා පෙරමුණේ පසුවෙයි.

මෙම කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු 100 මට්ටමේ පසුවන අතර ඔවුනට පසුපසින් සිටින එස්. එස්.සී. පිල ප්‍රසාද ලකුණු 77.62 ක් සහ චිලව් මේරියන්ස් 78.48 ක් ලබා පසාද ලකුණු 20 කට වඩා පරතරයකින් පසුවීම කැපී පෙනෙති. ඒ අනුව අනුමාන කිරීමේදී සී.සී.සී. කණ්ඩායම සහ ටැමිල් යුනියන් කණ්ඩායම දෙවැනි තැනට ඇද දැමීමට නම් ඊට පහළින් පසුවන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් ගත යුතු වන තත්ත්වයක් උද්ගත වී තිබේ. ‌එබැවින් බොහෝ විට අදාළ කාණ්ඩ 2 දෙවැනි ස්ථාන දිනා ගනිමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් කීපයකටම තවමත් අවස්ථාව උදාවී තිබෙන එය කාණ්ඩ තරගකාරීත්වය උණුසුම් කරවීමට හේතු කාරක වී තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions