Home » සිසුන් 10කට පහර දුන් හරි පුදුම ඉස්කෝලේ ප්‍රින්සිපල් හා ගුරුවරු රිමාන්ඩ්

සිසුන් 10කට පහර දුන් හරි පුදුම ඉස්කෝලේ ප්‍රින්සිපල් හා ගුරුවරු රිමාන්ඩ්

by Nirodha Gamage

මහනුවර – බොක්කාවල ප්‍රදේශයේ රිජන්සි පෞද්ගලික පාසලේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික පාසලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ත් 17 ත් අතර ගැහැණු ළමයින් සහ පිරිමි ළමුන් කිහිප දෙනෙකුට විනය චෝදනාව මත පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් විසින් ඉරිදා රාත්‍රියේ නේවාසිකාගාරය තුළදී අනුකම්පා විරහිත ලෙස පහරදීම සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ඉරිදා (12) රාත්‍රියේ බාලිකා නේවාසිකාගාරයට රහසිගතව ඇතුළු වූ සිසුන් පස් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. ඔවුන් සිසුවියන් පස් දෙනෙකු හමුවීමට ඔවුන්ගේ කැමැත්ත ඇතිව දැරියන්ගේ නේවාසිකාගාරයට ඇතුළු වී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. පොලීසිය පැවසුවේ, අදාළ සිසුන් පහරදීම්වලට හා කෲරත්වයට ලක්ව ඇති අතර, ඔවුන්ගේ හිසකෙස් පවා කපා ඇති බව ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර පාසල් නේවාසිකාගාර නියාමකවරුන් ද සිටින බව පොලිසිය පවසයි.

සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිසුන් වෛද්‍ය පරීක්‍ෂණය සඳහා මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යවා ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions