Home » සැලුන් දොර – අස්පට් ෂූටිං

සැලුන් දොර – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……මහීගේ සැලුන් දොර තවමත් විවෘතයි කියලා නා…..මළයා කියනවා ඇහුනද?ෆොනීටත් ඕනි නං එන්න පුළුවන්ලු.

මචං…..නා මලයා කියන්නේ නා මලයා දන්න කාලේ ඉදන් මහීගේ political හතුරා හාමුලු.හාමුටත් සලුන් දොරෙන් ඇතුලට එන්න පුළුවන් නං ෆොනීට බැරි ඇයි කියලා.

මචං…..ඔය කතාව නා මලයා ඔය විදිහට කිව්වට ඕකේ ඇත්ත කතාව කියන්නේ ඕකේ අනිත් පැත්ත.නා මලයා සම්පුර්ණයෙන්ම වැරදි විදිහට කතාව කියලා තියෙන්නේ.

මචං ඔය කතාව එන්න ඕනි මෙහෙමයි.නා මලයා උපදින්නත් ඉස්සෙල්ලා ඉදන් මහී එක්ක ඩීල් දාපු හාමුට සැලුන් දොරෙන් ඇතුලට එන්න පුළුවන් උනාට යුද්දේ ඉවර කරපු දවසේ ඉදන් මහීලා එලව එලව පලිගත්ත ෆොනීට රෙද්දක් ඇඳගෙන මහීගේ සැලුන් දොරෙන් ඇතුලට යන්න පුලුවන්ද කියලයි.

හරි…..හාමුත් සැලුන් දොරෙන් ඇතුලට ගියා කියමුකෝ.උඹලා හිතනවද ඔය හාමු අනිත් අය වගේ සැලුන් දොරෙන් ආපහු එයි කියලා.එහෙම නං මචං ඔය ..නිල් හාමු නෙවෙයි.අනිත් අයට සැලුන් දොරෙන් යන්නත් පුළුවන් එන්නත් පුළුවන්.

ඒ උනාට හාමු ආය එන්නේ නෑ මචං.හාමු කරන්නේ සැලුන් දොරෙන් ආපු එවුනුයි,ඇතුලේ හිටිය එවුනුයි දෙගොල්ලගෙන් හාමුට ඕනි කට්ටිය තියාගෙන අනිත් සෙට් එක සැලුන් දොරෙන් එලියට තල්ලු කරලා දාන එකයි.

අනුන්ගේ තැනකට ඇතුල් වෙලා.ඒක ඇතුලේ ඉන්න එවුන්ගෙන් කණ්ඩායම තමන්ගේ කරගෙන ඇතුලේම හිටපු සෙට් එකක් එලියට දානවා කියන්නේ මොන තරං අමානුෂික වැඩක්ද මචං.

එලියට දෙන්නෙත් නිකං අය නෙවෙයි ගෙදර අයිතිකාරයෝ ටික.නා මලයත් සැලුන් දොරෙන් එලියට වැටෙන සයිස් එකක් මචං දැන් තියෙන්නේ.මචං කොහොමද මහී හදපු සැලුන් දොරෙන්ම නා  මලයට එලියට බහින්න උනොත්.

ආ…..මචං ඊට ඉස්සෙල්ලා මහීගේ සැලුන් දොරෙන්ම
ලගදීම සීයක විතර සෙට් එකක් එලියට බහිනවා.බඩි මන්ත්‍රී සෙට් එකක්.අස්පට් ෂූටිං බොරුද කියන්නේ  බලන්නත් එක්ක 24 වෙනිදට හයිඩ් එක පැත්තේ යනවලකෝ.

මහී හදපු සැලුන් දොර මහීලටම පාර වලල්ලක් වෙලා මචං.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions