Home » සාලිය පීරිස් පොලීස් නිලධාරීන්ට දුන් ඔවදන

සාලිය පීරිස් පොලීස් නිලධාරීන්ට දුන් ඔවදන

by Nipuna Fernando

නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට, කවදා හෝ තම නීති විරෝධී ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බව මතක තබා ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ප්‍රකාශ කරයි.

තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදී මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවී ඇති ආකාරය තමත් දැක ඇති බවද, එවැනි සමහරුන්ට ඔවුන්ගේ උසස්වීම් අහිමි වූ අත​ර තවත් සමහරුන්ට සාපරාධී ක්‍රියා සඳහා වැරදිකරුවන් බවට පත් වී සිර ගත වන්නට සිදු වූ බවද ඔහු පෙන්වා දෙයි. එලෙස ඔවුන්ට වන්දි ගෙවන්නට සිදු වූ අවස්ථාවල, සිය ප්‍රධානීන් ඔවුන්ව බේරාගැනීමට කිසිවිට නොසිටි බවද, නීතිය ක්‍රියාත්මක වීම සෙමින් සිදු වුවද එය කෙදිනක හෝ අනිවාර්යෙන් ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු අවධාරණය කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions