Home » සාරාගේ මියයාම පුදුමයක්

සාරාගේ මියයාම පුදුමයක්

by Nirodha Gamage

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් ගේ මරණය තහවුරු කරමින් නිකුත් කර ඇති තුන්වන DNA වාර්තාව පිළිගත නොහැකි බව සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

සයින්දමරුදු පිපිරීමට අදාළව මීට පෙර නිකුත් කළ DNA වාර්තා දෙකකට අනුව, පිපිරීමෙන් මියගිය අය අතර සාරා ජෙස්මින් නොසිටි බව සඳහන් විය. මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ තුන්වන විභාගයෙන් පසු ඇය මියයාම පුදුමයට කරුණක් බවත්, එම වාර්තාව තමාට පිළිගත නොහැකි බවත්ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ විපතට පත් වූවන්ට වන්දි ලබාගැනීමට නොව එය ජාතික ආරක්ෂාවට වැදගත් නිසා බව ඔහු අවධාරණය කළේය. පුද්ගලයන් 272කට ආසන්න පිරිසකට මරු කැඳවූ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී පරීක්ෂකවරුන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

මේ සියලු කරුණු සලකා බලා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions