Home » සාම්පූර් ඉන්දියාවට : සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

සාම්පූර් ඉන්දියාවට : සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

by Nirodha Gamage

ඇමරිකානු ඩොලර් මිලියන 180.1 ක ඇස්තමේන්තුගත ආයෝජනයකින් ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව (NTPC) සමඟ එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර් හි මෙගාවොට් 135 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) කැබිනට් මණ්ඩලය අවසර දී ඇත.

මීට පෙර යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට නියමිතව තිබු ස්ථානයේම මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අදියර දෙකකින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ ගිවිසුමක් අත්සන් කළහ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 42.5 ක ආයෝජනයකින් මෙගාවොට් 50 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර 40 ක් දිග 220 KV සම්ප්‍රේෂණ මාර්ගයක් ඇමරිකානු ඩොලර් මිලියන 23.6 ක ඇස්තමේන්තුගත වියදමින් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

පළමු අදියර 2024 සිට 2025 දක්වා වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.

ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 72 ක ආයෝජනයකින් මෙගාවොට් 85 ක අතිරේක ධාරිතාවකින් යුත් සූර්ය බලාගාරයක් ඉදිකිරීමට නියමිත අතර ඊට අමතරව කප්පල්තුරේ සිට හබරණ දක්වා කිලෝමීටර් 76 ක් දිග 220 KV සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි.ඒ සඳහා ඩොලර් මිලියන 42 ක් වැය වේ.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions