Home » සහාපතිතුමා – අස්පට් ෂූටිං

සහාපතිතුමා – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…….ෆොනී සජාට කැරකිලා වැටෙන්න දීලා නේද?සජා රට වටේම කියාගෙන ගියේ ෆොනී එලවනවා කියලනේ.

ජේෂ්ඨයෝ කෘත්‍යාධිකාරිට යෝජනාව ගේනවා.ඊට පස්සේ ෆොනී දොට්ට කියලනේ කිව්වේ.ඇයි බං දැක්කේ නැද්ද ෆොනී හාමුට එකතු වෙනවා කියලා පොල් ගොඩි අකුරෙන් පත්තරවල සිරස්තල පවා ගියේ.

මචං ෆොනී අලුත් කඩෙන් ඕඩරයක් ගෙනත් ෆොනී අයින් කරන එක නවත්තන්න කියලා.දැන් ඉතින් කියපල්ලකෝ නඩු.ඇයි මචං සජා කරන කරන වැඩේ අවුල් වෙන්නේ.

මචං ෆෝනීට උනත් ඕක ඇතුලේ හිටියා කියලා වැඩක් කරන්න බෑනේ.

ෆොනීටත් තියෙන්නේ සජා එක්ක මරාගෙන මැරෙන්න යන්නේ නැතිව වෙන අතක් බලා ගන්න. හැබැයි මචං ෆොනී ඇතුලේ එල්ලිලා ඉන්න හදන්නේ නිකං නං වෙන්න බෑ.මොකක් හරි ගේමක් තියනවා.

මචං ෆොනී දුරකතනයේ බලයවත් අල්ලන්න හදනවද?

අස්පට් ෂූටිං නං කියන්නේ බලය ඇල්ලීම කෙසේ වෙතත් දුරකතනය විසන්දි කරලා නං දායි.මචං ෆොනී කියන්නේ යුද්දේ දක්ෂයා.දැන් බලනකොට ෆොනී දේශපාලනයටත් දක්ෂයිනේ.මේ ගහන්න හදන ගේම්මෙන් තමයි අස්පට් ෂූටිනුත් ෆොනී master minded කියලා දැන ගත්තේ.

දැන් බලපං මචං සජා එක්ක ෆොනී වලියක් දාගත්තේ ඇයි?ෆොනී හදන්නේ යන තැන හරියටම ක්ලියර් කරගන්න.

හරි…ෆොනීට සජා එක්ක හැපෙන්න උදව් කරන්නේ කවුද?

ඔය ඩයිනට හෙම නං ෆොනීට කරන්න කියලා උදව්වක් නෑ බං.ඔය රෑට රෑට ගිහින් හම්බවෙනවා කියලා මරියා කෑගැහුවට ඒවා නෙවෙයි මචං මේකේ key points.ෆොනී මේ වැඩේට දැනට මේකේ ඉන්න හොඳම පොරවල් දෙක අල්ලගෙන ඉන්නේ.

මචං බලපං සජාව චක බ්ලාස් කරන්න ඕනි කාටද කියලා.

හාමුටද?හාමුට විතරක් නෙවෙයි බං අපේ ලප කුමාර සහෝදරයටත් සජාව චක බ්ලාස් කරන්න ඕනි.ෆොනී ඔය දෙකෙන්ම ඇඩ්වයිෂ් ගන්නවා.භාමු අපේ ලප කුමාර සහෝදරයට බරදීලා තිබුණ බලු පොරය ලපයා ෆොනීට බාරදීලා.දෙන්නම හදන්නේ ෆොනී ලවා සජාව ඉවර කරන්න.ෆොනී හදන්නේ සජා ඉවර කරලා හොඳම තැනට පනින්න.

දැන් මචං ෆොනීට තැන් දෙකක් තියනවා.එකක් හාමු ලග.අනික ලප කුමාර සහෝදරයා ලග.ෆොනී සජා ඉවර කරලා එලියට ඇවිත් බලනවා දිනන්නේ කවුද කියලා.ඊට පස්සේ දිනන කෙනාගේ දෑත් ශක්තිමත් කරන්න යනවා.

ෆොනීත් මචං ඉස්සර හිටපු ෆොනී නෙවෙයි. ෆොනිත් මීයක් කඩන්නේ අත ලෙවකන්න හෙම නෙවෙයි.හරිද?

අස්පට් ෂූටිං

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions