Home » සහරාන්ගේ බිරිඳ නිදහස්

සහරාන්ගේ බිරිඳ නිදහස්

by Nirodha Gamage

පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම්ගේ වැන්දඹු බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා දැඩි කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. හාදියා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර හතරක් රඳවා තබාගෙන සිටියේය. කල්මුණේ මහාධිකරණය ඇයගේ නඩුව ඊයේ (15) විභාගයට ගෙන ඇය නිදහස් කිරීමට නියෝග කළේය.

2019 අප්‍රේල් මාසයේදී සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු හාදියා අත්අඩංගුවට ගනු ලැබූ අතර එහිදී ඇය සහ ඇයගේ දියණිය බරපතල තුවාල ලැබුවා. ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගෙන ඇත.

වසර හතරකට පසු හාදියා ඇප මත නිදහස් විය. රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය, කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල පල්ලි සහ හෝටල් ඉලක්ක කර ගනිමින් සම්බන්ධීකරණය කරන ලද බෝම්බ ප්‍රහාර මාලාවකි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස විදේශිකයන් 45 දෙනෙකු ඇතුළු 267 දෙනෙකු මිය ගිය අතර තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions