Home » සල්ලි නෑ, ළමයි නෑ – උපත් අනුපාතය 25% කින් පහතට

සල්ලි නෑ, ළමයි නෑ – උපත් අනුපාතය 25% කින් පහතට

by Plus One


උපත් අනුපාතිකයේ පහත වැටීමක් හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව ජනගහනයේ සැලකිය යුතු පරිහානියකට මුහුණ දෙනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනවේදී විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය 25% කින් පහත වැටීම අනාගත ජනගහන පරිහානියට එක් ප්‍රධාන හේතුවක් ලෙස මහාචාර්ය ද සිල්වා මහතා හඳුනාගෙන ඇති බව අද දෙරණ වාර්තා කරයි.

2013 වසරේ වාර්තා වූ උපත් සංඛ්‍යාවට සාපේක්ෂව 2022 වසරේ ශ්‍රී ලංකාවේ වාර්තා වන උපත් සංඛ්‍යාව 90,000ක අඩුවීමක් පෙන්නුම් කරන බව සඳහන් කළ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා වත්මන් උපත් අනුපාතය මරණ සංඛ්‍යාවට ආසන්න වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.

රටේ තරුණ තරුණියන් පිටරටවලට සංක්‍රමණය වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක්විය හැකි බවට ද මහාචාර්ය ද සිල්වා අනතුරු ඇඟවීය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions