Home » සරසවි සිසුන් ගැන භයානක හෙළිදරව්වක්!

සරසවි සිසුන් ගැන භයානක හෙළිදරව්වක්!

by Nipuna Fernando

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අධ්යාපන කටයුතුවලදී විශ්වවිද්යාල සිසුන්ට එල්ල වන දැඩි පීඩනය පිළිබඳව ආචාර්ය, මහාචාර්යවරු වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇතැයි මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ වෛද්ය විශේෂඥ ඩබ්ලිව්.ඒ.එල්. වික්රමසිංහ පවසයි.

පවතින සමාජ වටපිටාව තුළ සියලු දෙනා කිසියම් ආතති මට්ටමක සිටින බව ත් ඒ මතට අලුතින් තවත් පීඩාවක් පැමිණියහොත් යම් පුද්ගලයෙකු සියදිවි නසා ගැනීමට පවා පෙළඹිය හැකි බවත් ඒ මහතා කීය.

ඛණ්ඩව පැය හත අටක් මාර්ගගත ක්රමයට අධ්යාපනය ලැබීමේදී ඇතැම් සිසුන් දැඩි පීඩාවකට පත්වන බව ත් මේ නිසා පවතින ආතති තත්ත්වය තව ත් ඉහළ යා හැකි බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

අධික වෙහෙස තුළින් ඇතිවන පීඩනය නිසා මනස රෝගී වූ විශ්වවිද්යාල සිසුන් ප්රතිකාර ලබා ගැනීමට යොමුවීමේ ප්රවණතාව මේ වන විට ඉහළ ගොස් තිබෙන බව ද වෛද්යවරයා කීවේ ය.

මනෝ උපදේශන සේවා විශ්වවිද්යාල තුළ ක්රියාත්මක වන බව ත් පවතින තත්ත්වය තේරුම් ගෙන එය වඩා ත් විධිමත් කිරීමට වගකිය යුතු අංශ පියවර ගත යුතුව තිබෙන බව ත් පැවැසූ වික්රමසිංහ මහතා සිසුන් සෑම විට ම තමන් පීඩාවිඳින ප්රශ්න විශ්වාසවන්ත මෙන් ම අවබෝධයක් ඇති අයෙකුට පවසා මනස ලිහිල් කරගත යුතුව ඇතැයි ද කීය.

සමාජය තුළ මේ වන විට ඇතිවී තිබෙන අර්බුද හමුවේ සියලු ජනතාව කිසියම් හෝ ආතති තත්ත්වයකින් පෙළෙන බව ත් එය මේසයක් මත සිටින පුද්ගල කණ්ඩායමකට සමාන කළ හැකි බවත් වෛද්යවරයා ප්රකාශ කළේ ය.

පොළොවේ සිටින පුද්ගලයෙකුට වඩා මේසය මත සිටින පුද්ගලයා වහලයට ළඟ බවත් ආතතිය වැඩි වීමට හේතු වූ කාරණයක් නිසා ඉහළට පැන්නොත් පොළොවේ සිටින පුද්ගලයාට වඩා ඉක්මනින් මේසය මත සිටින පුද්ගලයාගේ හිස වහලයේ වදින බවත් කී ඒ මහතා වත්මන් සමාජය පවතින අවදානම ඉන් තේරුම් ගත හැකි බව ද අවධාරණය කළේය.

පසුගිය කෙටි කාලයක් තුළ පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුන් දෙදෙනෙකු මහවැලි ගංගාවට පැන සියදිවි හානි කර ගැනීම මෙවන් මානසික පීඩන තත්ත්වයේ උපරිම අවස්ථාවක් බව ත් මෙම සිසුන් දෙදෙනා ම මානසික ආතතිය හේතුවෙන් වෛද්ය ප්රතිකාර පවා ලබාගත් අයවලුන් බව පරීක්ෂණවලින් එළි වූ බවද ඒ මහතා වැඩිදුරට ත් කීය.

#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

අපගේ Whatsapp සබැඳිය
https://chat.whatsapp.com/GEB4vejkAb9JsDZ5pXBi29

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions