Home » සරත් ෆොන්සේකා සමගියෙන් එළියට

සරත් ෆොන්සේකා සමගියෙන් එළියට

by Nirodha Gamage

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ අර්බුධයක් මතුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ සඳහා හේතුවී ඇත්තේ සරත් ෆොන්සේකා ප්‍රසිද්ධියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවේචනය කිරීම. සරත් ෆොන්සේකා සජිත් ඉන්න වේදිකාවලම වගේම සමගි ජන බලවේගයේ ප්‍රසිද්ධ රැස්වීම් වලත් ඍජුව තම විවේචනය ඉදිරිපත් කිරීම පිළිබඳවත් ප්‍රසිද්ධ මාධ්‍යයේ සජිත් වෙනුවට යම් පමණකට අනුර කුමාර වර්ණනා කිරීමත් පිළිබඳව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සාකච්චාවක් ඇති ඇති බවත් මෙම තොරතුරු සඳහන් කරනවා.

ඒ වගේම සරත් ෆොන්සේකා මීළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාගැනීමේ අපේක්ෂාවකින් පසුවන බවත් ඒ සඳහා ජවිපෙ වගේම අරගලකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ක්‍රියාකරන බවත් මේ නිසා ඉදිරි කටයුතු වලදී ඔහුව ඈත් කරන ලෙසත් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව දේශපාලන තොරතුරු සඳහන් කරනවා.

මේ සඳහා ප්‍රධාන මැදිහත්වීම සිදු කර ඇත්තේ සුජීව සේනසිංහ විසින් බවයි එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ, සරත් ෆොන්සේකා සමග කටයුතු කළ නොහැකි බව සුජීව සේනසිංහ විපක්ෂනායක සජිත්ට ඍජුව පවසා ඇති බවත් වාර්ථා වෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions