කලාසූරී එස්.එච්. සරත් මහතාගේ “සම්ප්රදාය සහ වෙනස” චිත්ර ප්රදර්ශනයේ ආරම්භක අවස්ථාව සඳහා ලද ආරාධනයක් අනුව පසුගියදා (30) පාඨලී චම්පික රණවක මහතා ද එක් විය.
තායිලන්ත තානාපති Poj Harnpol මහතාගේ මුලිකත්වයෙන් කොළඹ (සියම් නිවාස) හි පැවති මෙම ප්රදර්ශනය නැරඹීම සඳහා චීන තනාපති Qi Zhenhong, රුසියානු තානාපති Levan Dzhagaryan, බංගලාදේශ මහා කොමසාරිස් Tareq Md Ariful Islam,ඇතුළු තානාපතිවරුන් ගණනාවක්ම මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.