Home » සමගි බලෙන් සජිත්, රංජිත් එළියට

සමගි බලෙන් සජිත්, රංජිත් එළියට

by Nirodha Gamage

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ ඊට එරෙහිව ඉහළ අධිකරණයේ නඩු පවරා ඇති බවත්ඒ, අනුව විත්තිකරුවන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරන බව පෙනී යන හෙයින් ඔවුන්ට සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය දැරීමට හැකියාවක් නැති බව ඇමැතිනි ඩයනා ගමගේ විසින් සජිත් පේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාරගේ පක්ෂ තනතුරු අභියෝගයට ලක් කරමින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශවය විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

සමඟි ජන බලවේගය පක්ෂයේ සභාපති හා මහ ලේකම් ධුර දැරීම තහනම් නොකිරීමට හේතු ඇති නම් මැයි 22 දින කරුණු ගොනු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට අවසන් වරට දින දෙමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (31) නියෝග කළාය.

විත්තියේ විරෝධතා ගොනු කිරීම ඊයේ සිදු කරන ලෙසට දින දී තිබූ අතර, විරෝධතා ගොනු නොකළ එයින් අවසන් වරට මෙලෙස දින දෙනු ලැබිණි. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයන්ට සමඟි ජන බලවේගය පක්ෂයේ තනතුරු දැරීමට නෛතික හැකියාවක් නැති බව සඳහන් කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණයට කරුණු දක්වමින් විත්තිකරුවන් සමඟි ජන බලවේගය පක්ෂයේ හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයන් බවට කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන් සමඟි ජන ජනබලවේගයේ දරන තනතුරු අහෝසි කරන තීන්දුවක් නිකුත් කරන ලෙසට ඉල්ලා තිබිණි. විත්තිකරුවන් දරන තනතුරු තහනමට ලක් කිරීමට පෙර ඔවුන්ට නොතීසි පමණක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඒ ඉල්ලීම් අනුව නඩුවට විරෝධතා ගොනු කරන්නැයි අධිකරණය නියෝග කර තිබිණි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions