Home » සමගියේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාදාමයක්

සමගියේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාදාමයක්

by Nirodha Gamage

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාදාමයක් පවතින බවයි.

දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ප්‍රේමදාස කියා සිටියේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගියහොත් රුපියල් මිලියන ගණනින් මුදල් ලබා දෙන බවයි.

මන්ත්‍රීවරුන් මිල දී ගැනීම ආණ්ඩුවේ අලුත්ම සැලැස්ම බව ඔහු පැවසීය.

“එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජයක් විසින් මන්ත්‍රීවරුන් පොළඹවා ගැනීමට උත්සාහ කරන විට වත්මන් ජනාධිපතිවරයා වරක් තම මන්ත්‍රීවරුන් සිංගප්පූරුවට සංචාරයක් සඳහා පිටත් කර හැරි බව ඔහු මතක් කළේය.

“ආණ්ඩු පක්‍ෂයේ ඇතැමුන් විපක්ෂයට යාමට කල්පනා කරන විට මන්ත්‍රීවරුන් තම පැත්තට ඇද ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට සිදුව ඇතැයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions