Home » සමගියේ බලය සජිත්ට අහිමි වෙයි

සමගියේ බලය සජිත්ට අහිමි වෙයි

by Nirodha Gamage

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පක්ෂයේ ඉල්ලීම අනුව ඒ තනතුරින් ඉවත්වීමට එකඟ නොවීම නිසා පක්ෂය තුළ අර්බුධකාරී තත්වයක් නිර්මාණයවී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කමිටු සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කළ අතර මුදල් කමිටුවේ සභාපති ධූරයට මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මයන්ත දිසානායක මහතාගේ නම සභාපති ධූරය සඳහා යෝජනා කළ අවස්ථාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මයන්ත දිසානායක මහතාට දුරකතනයෙන් කතා කර එම තනතුර බාර ගන්නේ දැයි විමසා සිටි ඇති අතර ඒ අවස්ථාවේදී මයන්ත දිසානායක මහතා එම තනතුර බාරගන්නා බවත් තනතුරෙන් ඉවත් වීමට සූදානම් නැති බව මයන්ත ප්‍රකාශ කර තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ සමගි ජන බලවේගයේ බහුතර පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වඩා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන බවයි. මේ අනුව සමගි ජන බලවේග බලය සජිත් ප්‍රේමදාසගෙන් මේවන විටත් ගිලිහි ගොස් ඇති බව මෙම තොරතුරු පෙන්වා දෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions