Home » සනත් නිශාන්තට වරෙන්තු

සනත් නිශාන්තට වරෙන්තු

by Nipuna Fernando

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ. අද (13) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සිතාසි නිකුත් කර තිබුණි. එහෙත් සනත් නිශාන්ත මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා වෙත එම වරෙන්තුව නිකුත් කර තිබේ. මේ අවස්ථාව වනවිට සනත් නිශාන්ත මහතා අධිකරණයට පැමිණ තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions