Home » සනත්ගේ හදිසි මරණය පොහොට්ටුවට ඩබල් අවාසියක්!

සනත්ගේ හදිසි මරණය පොහොට්ටුවට ඩබල් අවාසියක්!

by Plus One

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඊයේ අලුයම සිදු වූ හදිසි රිය අනතුරකින් අභාවප්‍රාත්‍ර විය. සනත්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ උසුළු විසුළු කිරීම් බහුතරයක් දැකගැනීමට හැකිවූ අතර එමගින් වර්තමාන පාලනය සම්බන්ධයෙන් හා රාජපක්ෂවරුන්ගේ දේශපාලන කඳවුරු සම්බන්ධයෙන් මහජනතාව තුළ ඇති අදහස ගැන අපට තේරුම් ගත හැක.

සනත් නිශාන්තගේ අහිමිවීම පොහොට්ටුවට මෙන්ම රනිල්ගේ ආණ්ඩුවටද දැඩි අවාසියක් බව දේශපාලන විචාරකයන් කියා සිටියි. විරුද්ධ මතධාරීන්ට සනත් නිශාන්ත සතුරෙකු වුවත් පොහොට්ටුවට ඔහු ඉදිරිපෙළ සටන් කළ වීරයෙකියි.

කොටින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාප හේතුවෙන් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ජනතාව විසින් අභියෝගයට ලක් කළ මොහොතක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් සමගම පොහොට්ටුව නියෝජනය කරමින් එහි මුරණ්ඩු ආරක්ෂකයා වූයේද සනත් නිශාන්තය. මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල තම පක්‍ෂය රැකගැනීම සඳහා සනත් විසින් කී දෑ හා ඔහුගේ හැසිරීම හේතුවෙන් ඔහු විරුද්ධ මතධාරීන්ගේ ප්‍රධාන සතුරෙකු බවට පත්විය.

ඉතින් ඔහුගේ මේ හදිසි මරණය පොදුජන පෙරමුණේ දේශපාලන ගමනට විශාල පාඩුවක් නිර්මාණය කොට ඇත.

හැබැයි දැන් බැසිල්ට පොහොට්ටුවට මුරණ්ඩු ආරක්ෂකයෙකු සොයාගන්නවට වඩා බරපතළ ප්‍රශ්නයක් මින් පැන නැගී ඇත.

සනත් නිශාන්තගේ හදිසි මරණයෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට දැන් එන්නේ බැසිල්ගේ ගෝලයකු නොවේ. ඔහු පසුගිය මහ මැතිවරණයෙන් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වී මනාප ඡන්ද 40,527ක් ලබාගෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ හයවැනි තැන දිනාගත් ජගත් ප්‍රියංකරය. ජගත් ප්‍රියංකර විමල්ගේ ජතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.

ඒ අනුව සනත් වෙනුවට ඇතුලට එන ජගත් බැසිල්ගේ නොව විමල්ගේ ගෝලයෙකි. මින් පොහොට්ටුවේ පමණක් නොවෙ ආණ්ඩුවේද එක් මන්ත්‍රීධූරයක් අහිමිවන්නේ විමල් වීරවංශ මහතා මේ වන විට පොදුජන පෙරමුණෙන් ඉවත්වී විපක්ෂය නියෝජනය කරන බැවින්ය.

ඒ අනුව විමල්ගේ ජනිපේ මන්ත්‍රීන් සංඛ්‍යාව හතක් දක්වා ඉහළ යයි. බැසිල් පහළ යයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions