Home » සජිත් ප්‍රේමදාසට ප්‍රතිපත්තියක් නෑ, එයාගෙ පක්ෂෙත් අම්බලමක් – එරන්ද ගිනිගේ

සජිත් ප්‍රේමදාසට ප්‍රතිපත්තියක් නෑ, එයාගෙ පක්ෂෙත් අම්බලමක් – එරන්ද ගිනිගේ

by Plus One

සජිත් ප්‍රේමදාස කලබල වුණේ ඇයි?

ගොඩහේවගේ කල්කිරියාව පිළිබඳව සිදු කළ කරුණු සහිත කෙටි ලිපියට සජිත් ප්‍රේමදාස බොහෝ සෙයින් කලබල වී හතර අතේ කොමෙන්ටු ලියමින් තිබේ. එය ඔහුගේ බොළඳකමයි. නමුත් අප කල්පනා කළ යුත්තේ ඒ ගැන නොවේ.

සජබය සැබැවින්ම ජනතාව අතර ජනප්‍රිය නම් ගොඩහේවා වැනි අසාර්ථක චරිත බඳවා ගන්නේ ඇයි?

(ලිපියට පිළිතුරු එවූ බොහෝ අය ඔහුව හඳුන්වා තිබුණේ “හොරහේවා කියාය.) ජීවිත කාලයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කළ ශාන් වැන්නෙකු බඳවා ගන්නේ ඇයි? කිසිම ඡන්ද පදනමක් නැති අවලංගු කාසියක් වැනි ජී ඇල් වැන්නෙකු බඳවා ගන්නේ ඇයි? මෙයින් පෙනෙන්නේ සජිත්ගේ පක්ෂය ඉතා බරපතල අභ්‍යන්තර අර්බුදයකට පත්ව ඇති බවයි. එය කුමක් විය හැකිද?

සජබ මන්ත්‍රීන් බොහෝ පිරිසක් ඉන්නේ සජිත් ගැන කලකිරීමකිනි. ඔවුන් මුල සිටම සජිත්ට ගරු කළේ නැත. සජිත්ට යන්න දී ඔවුන් පස්සට හිනා වේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සජිත්ට කෝචෝක් කරන හඬ පටයක් ප්‍රසිද්ධ අවකාශයේ තිබේ.

සජබ මන්ත්‍රීවරුන් බහුතරය රනිල් වික්‍රමසිංහ සමග එකතු වීමට නියමිතව තිබෙන බව මෙයින් යම් දුරකට තහවුරු වේ. ලංසා ඔය තරම් විශ්වාසයෙන් කතා කරන්නේ ඒ නිසා විය හැකිය. එසේ යන අය වෙනුවට ආතක් පාතක් නැතුව පාවෙන භූතාත්ම අල්ලා ගැනීමට තරම් සජිත් දුර්වල වී තිබේ. ඔවුන් මොනවා කළත් අපට ප්‍රශ්නයක් නැත.

නමුත් දේශපාලන පක්ෂයක් ලෙස ඔවුන්ට කිසියම් නිශ්චිත ප්‍රතිපත්තියක් තිබිය යුතුය. සජිත්ගේ පක්ෂයට එවැනි ප්‍රතිපත්තියක් නැත. ඕනෑම මතවාදයක් දරන එකෙකුට ලගින්න පුළුවන් අම්බලමක් බවට සජබය පත්වන්නේ ඒ නිසාය. ඒ අතින් ගත් කල එජාපය තවමත් සැබෑ දේශපාලන පක්ෂයකි. එහි ඉන්නේ ඔවුන්ගේ දේශපාලන මතවාදය දරන්නන් පමණී. ධර්මය ඔබට මග වේවා! 

 

එරන්ද ගිනිගේ
2024 ජනවාරි 8

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions