Home » සජිත් ගැන බටර් ගාන්න බෑ! තාම මන් Study කරනවා – ගොඩහේවාගෙ fb සටහන

සජිත් ගැන බටර් ගාන්න බෑ! තාම මන් Study කරනවා – ගොඩහේවාගෙ fb සටහන

by Plus One

” අනේ මංත්‍රීතුමා උපන් දිනය කියන්නේ මට තවත් දිනයක් විතරයි. මම කවදාවත් උපන්දින සාද දාන්නේ නෑ. විශේෂයෙන් මේ රටේ මිනිස්සු මේ තරම් දුක් විදිද්දී අපට පපුවක් නැතුව සාද දාන්න පුලුවන්ද. හැබැයි ඒ වෙනුවට මම අද කොලොන්නාවේ පාසැලකට ස්මාර්ට් පංති කාමරයක් දෙනවා. ඒක ලමයි විශාල පිරිසකට උදව්වක්. ඒක තමයි මගේ සතුට “

ජපාන මුදල් අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස සමග අද පාර්ලිමේන්තුවේදී පැවති හමුවෙන් අනතුරුව අද දින තම ජන්ම දිනය සමරන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පැමිණි සිටි අයෙක් ” දැන් ඉතින් උපන්දිනයට කේක් කපලා සිංදු කියන්නේ නැද්ද ” ලෙස අසන ලද විමසීමට සජිත් ප්‍රේමදාස මහතා දෙන ලද පිලිතුර ඉහලින් දැක්වේ.

අප මෙය උපුටාගත්තේ මෑත කාලයේ සජිත් ප්‍රේමදාස මහතාගෙ ලගම හිතවතෙකු ලෙස විස්වාසය දිනාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා තම පුද්ගලික ෆේස්බුක් පිටුවේ සටහනකිනි.

“සජිත්ගේ උපන්දිනය” ලෙස නම් කොට තිබේ.

අප මුලින් උපුටාගත් ගොඩහේවා මහතාගෙ සටහනේ සජිත් ප්‍රේමදාස මහතාගෙ පිලිතුරෙන් ගොඩහෙවා මහතාට ආ හැගීම විස්තරකන්නේ මෙසේය.

මෙම ප්‍රකාශය මට ඉමහත් සතුටක් ගෙන දුන්නේ මාත් උපන් දින සාද වලට කිසිදු කැමැත්තක් නැති කෙනෙකු බැවිනි. දේශපාලනයට ආවාට පසු නම් ක්‍රියාකාරිකයන් සුබ පතන නිසා මග හැරෙන්නේ නැති වුනාට වෘත්තිකයෙක් ලෙස රාජකාරි කරන කාලයේ නම් උපන් දිනය අමතක් වී පවුලේ අය මතක් කල වාර කිහිපයක්ම මතකය.
කෙසේ වෙතත් විපක්ෂ නායක වරයාට මේ වෙලේ ඔහුගේ කාර්‍ය මන්ඩලය දැනුම් දුන්නේ කිහිප දෙනෙක්ම කේක් එවා ඇති බවට. ” එහෙනම් ඒවා කපලා මේ අයට දෙන්න. මට නම් කේක් කපන්න බෑ. සිංදු කියන්න ලෑස්තිවෙන්නත් එපා. අපි ඔක්කොම මේ රටේ දුප්පත් ජනතාව මතක තබාගෙන අද දවසත් ගෙවමු” යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙසේ සටහන් කරන ගොඩහේවාගේ ලිපියේ ලිපිකරුට අවධානය යොමුවන්නේ පහත වාක්‍යයයි.

“මා තවමත් සිටින්නේ සජිත් ප්‍රේමදාස චරිතය අධ්‍යයනය කරමිනි. ඔහු ගැන බොහෝ දේ කියන්නට තවමත් මට සුදුසු කම් නැත. එහෙත් පාර්ලිමේන්තුව තුල දැනට සිටිනා නායකයන් අතර මා ඔහුට සහාය දෙන්නට සිතන්නේ ඇයිදැයි කල්පනා කරනා ඔබේත් දැන ගැනීම පිනිස මේ අත්දැකීම ගැන සටහනක් තබමි.

එනම් තවමත් ගොඩහේවලා ජී ඇල්ලා 100%ක් සජිත් සමග නොවේද? නැත්නම් දිස්ත්‍රික් නායකකම් බෙදා ගැනීමේදී නිදහස සෙට් එකට කැපිලි ඇවිත් ද?

බලාගෙන ඉමු?

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions