Home » සජිත්ට එල්ලෙන්න වැල් නැති කරන්න ඩයනා ගමගේ අධිකරණයට

සජිත්ට එල්ලෙන්න වැල් නැති කරන්න ඩයනා ගමගේ අධිකරණයට

by Plus One

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් සමගි ජනබලවේගයේ සාමාජික බලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීමට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නිත්‍යානුකූල නොවන බව ප්‍රකාශ කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනුකළ පෙත්සමට අදාළ ව ලබන ජනවාරි 25 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි ඔවුන් දෙදෙනාට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය ඊයේ (9) නොතීසි නිකුත් කර ඇත.

 
ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මගින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස හා රංජිත් බණ්ඩාර යන මහත්වරුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවයි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ගේ දිවුරුම් ප්‍රකාශයක් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්ෂ විනය ක්‍රියාමාර්ග අභියෝගයට ලක් කළ අධිකරණ ක්‍රියාවලිය ඇතුළු වූ සාක්ෂි කිහිපයක් ද ඇය මීට අදාළව සාක්ෂි ලෙස ගොනු කර තිබෙනවා.

 
මන්ත්‍රීවරිය පවසන්නේ සමගි ජන බලවේගයේ පක්ෂය ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදයේ 3වන වගන්ති අනුව පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන්නේ නම් එයින්ම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අහෝසි වන බවත් මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ සාමාජිකත්වය දැරීමත්, නායක හා මහ ලේකම් තනතුරු දැරීම නීත්‍යානුකූල නොවන බවට නියෝගයක් ලස්සන ලෙස ඩයනා ගමගේ මහත්මිය සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ එය විභාග කරන තෙක් තනතුරු දැරීම අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

පෙත්සම ඊයේ කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට ලබන ජනවාරි 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතිසී නිකුත් කෙරුණා.

⁣කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් තම පෞද්ගලික සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණේ, සජිත් ප්‍රේමදාස හට
“අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ”
“සජිත්ට එල්ලෙන්න තුත්තිරි ගහක්වත් ඉතිරි නොකරන්න ඩයනා වග බලාගනී” ලෙසය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත අධිකරණය මගින් වාරණ නියෝගයක් පෑන වුවහොත් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට දේශපාලන අනාථයන්ට වීමට සිදුවන බව කතා බහට ලක් වෙන බව අපට දැක ගන්නට ලැබුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions