Home » සජිත්ට ඇඩෙන්න පොහොට්ටුව හදන රනිල්ගෙ ගේම් එක එළියට

සජිත්ට ඇඩෙන්න පොහොට්ටුව හදන රනිල්ගෙ ගේම් එක එළියට

by Plus One

ගමේ ඡන්ද යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. මේ වන විට රටේ පවතින සාමකාමී වාතාවරණය නිසා ගමට ගොස් ජනතාව දැනුවත් කිරීමට ඉඩකඩ සැලසී ඇති නිසා ගමට ගොස් රටේ පවතින ඇත්ත තත්ත්වය පැහැදිලි කර දෙන ලෙස ජනාධිපතිවරයා පොදුජන පෙරමුණු මන්ත්‍රීන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

විපක්‍ෂය මේ වන විට මැතිවරණයක් ඉල්ලා සිටින බව මෙහිදී පොදුජන පෙරමුණු මන්ත්‍රිවරුන් විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් විමසීමක් කර ඇති අතර මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ කලබල නොවන ලෙස එහිදී එම මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඕනෑ ම මැතිවරණයකට සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පසුගිය දා පැවති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මෙම කරුණු පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් මේ අනුව පෙනී යන්නේ පොහොට්ටුව සහ අලියා එකතු වී විපක්ෂයට හා ජවිපෙට ඡන්ද පදනමක් නැති කිරීමය දේශපාලන සලසුම් යාන්ත්‍රණයක් ගොඩ නැගීමේ කාර්යයක සක්‍රීයව නිරත වෙමින් පවතින බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions