Home » ශ්‍රී ලාංකිකයන්ගේ වැඩි ම විශ්වාසය මහ බැංකු අධිපතිට ලු

ශ්‍රී ලාංකිකයන්ගේ වැඩි ම විශ්වාසය මහ බැංකු අධිපතිට ලු

by Plus One

ශ්‍රී ලාංකිකයන්ගේ වැඩි ම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්වී තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්‍ෂණ වාර්තාවක් මගින් එය අනාවරණය වී ඇත.

ඔහුට ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 56.6ක විශ්වාසයක් හිමි වී ඇති අතර දෙවන ස්ථානයට වැඩිම විශ්වාසයක් දිනාගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ය.

ප්‍රතිශතයක් ලෙස සියට 44.5 විශ්වාසයක් ඔහුට හිමිව තිබේ.

මේ අතර, වයස අවුරුදු 18-29 අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 77.2 ප්‍රමාණයක් අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත පළ කරන බව එම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙන අතර වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 45.4ක් අවස්ථාවක් ලැබුණොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

එසේ ම, රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට තීරණය කිරීම ශ්‍රී ලාංකිකයන් සියයට 60.5ක් අනුමත කර ඇති බව ද එලෙස අනුමත කර ඇති බහුතරයක් වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණයන් වන බව ද එම වාර්තාව සඳහන් කරයි.

තව ද මීට වසරකට පෙර තිබූ ආර්ථික තත්ත්වයට වඩා දැන් තිබෙන ආර්ථික තත්ත්වය නරක බවට ශ්‍රී ලාංකිකයන් සියයට 74.1ක් පිළිගෙන ඇති බව ද එම වාර්තාව පෙන්වා දේ.

අදාළ සමීක්‍ෂණය සඳහා නියැදි 1000ක් ලබාගෙන ඇති අතර ඔක්තෝබර් 21 සිට 31 වන දා දක්වා එම සමීක්‍ෂණය සිදුකර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions