Home » ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට යයි

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට යයි

by Nipuna Fernando

රට වටා පිහිටි දූපත් සමූහය සංවර්ධන කර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා දූපත් සංවර්ධන  අධිකාරිය පිහිටුවීම සදහා වන කැබිනට් පත්‍රිකාව නුදුරෙදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රට වටා දූපත් 60 කට අධික ප්‍රමාණයක් පිහිටා ඇත. මෙම දූපත් සමූහය සංවර්ධනය කර සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීමෙන්  මෙරට ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගත හැකි බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ලොව බොහෝ රටවල පිහිටි දූපත්වල ආර්ථික විභවතාවයන් ඇගයීමට ලක්වුවද ශ්‍රී ලංකාව වටා පිහිටි කුඩා දූපත්වල ආර්ථික විභවතාවයන් මෙතෙක් නිසි ඇගයීමට ලක්ව නැති බවද හෙතෙම සඳහන් කරයි.

මාලදිවයින වැනි දූපත් රටවල ක්‍රියාත්මක ජල බංගලා වැනි හෝටල් ඉදිකිරීමෙන් දෙස් විදෙස් සංචාරක ආකර්ශණය ඉහළ නැංවිය හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

 

එබැවින් නිසි සැලසුමකට අනුව එම දූපත්වල භෞතික හා සමාජ යටිතල පහසුකම් සංවර්ධන කළ යුතු බවත්, නමුත් ‍අප රටේ මෙතෙක් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම රට වටා පිහිටි දූපත් සංවර්ධන කර ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමෙන් එම අර්බුදවලට විසඳුම් සොයාගත හැකි බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions